හැන්දෑව

7 කොටස
"ඔයාලට මං නිසා ගොඩක් කරදර වුණා නේද?"දේදුනු බයාදු ලෙස ඇසුවාය.
"යාළුවෝ කියන්නේ මොනාටද එහෙනම්.හ්ම්"අකිල ඇසුවේය.
"ඒත්..."දේදුනුට කතාව අහවර කර ගත නොහැකි විය.
"ආය මොකුත් කියන්න එපා..අපි දැන් ගෙදර යමු"අමා කීවාය.
"බුදුසරණයි කට්ටියටම පරිස්සමෙන් යන්න"යොහාන් හා අකිල සමුදෙමින් කීහ.
"ඔයාලටත් බුදුසරණයි!"අමා හා දේදුනු සමු ගත්හ.
අමා හා දේදුනු නිවස කරා එන අතරතුරද සිද්ධිය ගැන කතා කළහ.
"මට නම් මේ හැම‍ දේම එපා වෙනවා අමා.."දේදුනු කලකිරුණු ස්භාවයෙන් කීවාය."එක වෙලාවකට හැමදේම අතහැරලා කොහේ හරි යන්න හිතෙනවා"
"පිස්සු කියවන්න එපා දේදුනු අපි ඔයාට ඉන්නවනේ"තම මිතුරිය අහිමි වේයැයි කියන දුකින් හට ගත් කෝපයෙන් අමා කෑගැසුවාය.
"මම ඔයාලා නිසා තමයි ඉවසන්නේ අමා.මම ගෙදරින් ගියොත් පබෝ තනි වෙනවා"
"හරි දේදුනු ඔයා කලබල නොවී කාලෙට ඉඩ දෙන්න"අමා කීවාය.
"හොදයි මම යනවා අමා"දේදුනු නිවසේ කඩුල්ල පනිමින් කීවාය.
ඊළග මොහොතේ ඇය බිය වුයේ නිවස ඉදිරිපිට සිටින අය දැකීමෙනි...........................................
"උඹ ටික දවසක ඉදන් වෙනස් වෙලා "යොහාන්ගේ අයියා නිඛිල කීවේය."මොකක් හරි ප්‍රශ්නයක්ද?"
"නෑ මොකුත් නෑ අයියේ.."යොහාන් කීවේය.
"මේ බොරු කියන්න එපා.ඔයා පොඩි කාලේ ඉදන්ම ප්‍රශ්නයක් තියනකොට කියන්නේ නෑ මොකුත් නෑ කියලා.කියනවා කියනවා.."නිඛිල ඇවටිලි කරන්නට විය.
"මම අර කිව්වේ දේදුනු කියලා....."යොහාන්ට කතාව අවසන් කර ගත නොහැකි විය.
"ඉතින් අහනවා...."නිඛිල යොහාන් ‍ගේ පිටට තට්ටුවක් දැම්මේය.
"ඒත් එයාට ගෙදරින් ප්‍රපෝසල් එකක් තියෙනවා"යොහාන් සුසුමක් හෙළුවේය.
"කෙල්ල ඒකට කැමතිද?"නිඛිල ප්‍රශ්නය වටහා ගනිමින් කීවේය.
"නැහැ.ඒ මදිවට කෙල්ලගේ නංගි මට මළ ඇණයක් වෙලා"යොහාන් කීවේය.
"මම ඩොක්ටර් කෙනෙක් උණාට ඕවට බෙහෙත් මං ළග නෑ..ඔයා අහන්නකෝ ඊට පස්සේ වෙන දේකට මුහුණ දෙමු"නිඛිල කියන්නට විය...........................................
"ආ.... අපි බලන් හිටියේ කුමාරි හාමි වඩිනකම් තමා"බිනූ දේදුනු එන විටම කෑගැසුවාය.
"ඔය එන්නේ ආරංචියි අද වෙච්ච දේ අර අසරණයට ගහල පව් දෙයියනේ ඌ මොන වරදක් කලාටද?"දේදුනුගේ මව කැගැසුවාය.
"කුමාරට කවුරුත් ගැහුවේ නෑ.ඊටම මම කියන විදිහේ දෙයක් කලෙත් නෑ"දේදුනු මෙසේ කතා කළ පළමු දවස විය.
"අපි දන්නෑනේ දැන් නෝනා ලොකුයි කියලා..මේ ඕවට මාත් එක්ක එන්න එපා හරිද?"මව බෙරිහන් දෙන්නට විය................


නපුරු ඇස් දෙක

ඔය නපුරු ඇස් දෙක
වෙනස් නොවන තද හිත
මගේ හදට ළං වුණේ
මං ඔය හදට බැදුණේ ‍
කෙලෙසදෝ මම තවම විමසමි.....

හැන්දෑව

6 කොටස
"මම මේ ගැන දේදුනුට කියන්න ඕන"
"හරි ළමයිනේ අපි පුස්තකාලෙට යමු අපේ ප්‍රොජෙක්ට් එක කරන්න"යොහාන් නිහැඩියාව බින්දේය.
"ලේඩිස් ෆ(ර්)ට්.එහෙම නේද?"අකිල අමාට සහ දේදුනුට ඉදිරියට ආරාධනා කළේය.
"ඔව් ඉතින් පිරිමි දන්නේ පස්ස ගහන්නනේ"අමා කියන්නට විය.
"මේ..මේ..ඕවට විතරක් එන්න එපා හරිද?"අකිල කියන්නට විය.
"ඇයි ඔයා මොනා කරන්නද?"අමාද නෝක්කාඩුවට කියන්නට විය.
"ඔන්න ඉතින් දෙන්නා පටන් ගත්තා" දේදුනු කීවේ හිනැහෙමිනි.
"ඇති යන්තම් හිනා වුණා.."යොහාන් කීවේය.
පහත් හඩින් සිනාසුනු දේදුනු බිමට හිස හරවා ගත්තාය.
"ඔන්න ආවා"පුස්තකාලයට පැමිණි අමා කීවාය.
ඔවුන් පුස්තකාලය වෙත ගොස් පොත් සොයන්නට විය.නොයෙක් දේ පහත් හඩින් මුමුණමින් ඔවුන් මේසය වටා රොක් වූහ.
"ආ අකිල!දැක්ක කල්"අකිලගේ පැරණි මිතුරෙකු ආවේ මෙවිටය.
"ඉතින් මචං කොහොමද ජීවිතේ" අකිල තම මිතුරාගෙන් ඇසුවේය.
"වරදක් නෑ.ඒක නෙවේ අර ඔයාගේ නංගිද?"ඔහු ඇසුවේ දේදුනු දෙස අත දිගු කරමිනි.
"පිස්සුද?එයා මගේ යාළුවෙක්"අකිල කීවේය.
"නිවුන්නු වගේනේ නැද්ද යොහාන්?"ඔහු යොහාන්ගෙන් ඇසුවේය.
"සීයයට අනූනවයක් විතර.මොකද මුගේ කටනම් නෑ"යොහාන්ගේ කතාවට අනෙක් අය පහත් හඩින් සිනාසුනහ.
"හරි මං යනවා මචං.මට වැඩ වගයක් තියනවා කරගන්න"ඔහු කීවේය.
"හරි එහෙනම් බුදු සරණයි!"අකිල කීවේය.
"අපිත් යමු නේද?"අමා ඇසුවාය.
ඔවුන් අවශ්‍ය පොත් රැගෙන පුස්තකාලයෙන් එළියට ආහ.
"ආ දේදුනු තමුසේ කාත් එක්කද මේ රවුම් ගහන්නේ?"නොසිතු ලෙස කඩා පහත් වුණු කුමාර දුටු දේදුනු බිය වූවාය."තමුසේ එනවා මාත් එක්ක යන්න"ඔහු දේදුනුගේ අතින් අදින්නට විය.
"මේ මේක ටවුම ඔහේ ඔය වගේ වැඩ කරන්න එපා"දේදුනු කෝපයට පත්ව සිටියාය.
"අනෙක මේ පැත්තට වත් එන්න එපා"අමාද කෝපයෙන් කෑගැසුවාය.
"ඔයාලා පැත්තකට වෙන්න අපි මේක බලා ගන්නම්"යොහාන් සහ අකිල කුමාර ළගට ගොස් මොනවදෝ කියන්නට වූහ.කුමාර ඔවුන් දෙසට ඔරවා යන්නට ගියේය.
"මං නිසා ඔයාලටත් ප්‍රශ්න"දේදුනු හඩමින් අසල තිබූ බංකුවක වාඩි වූවාය.
"කමක් නෑ"යොහාන් ඇය දෙස බලමින් කීවාය.
ඇය යොහාන් දෙස බැලුවාය.ඔහුගේ දෑසේ මිත්‍රශීලි බවක් ගෑවී ඇතැයි දේදුනු සිතුවද ඊට වැඩි යමක් ඈ දුටුවේ නැත.
"මම මේ ගැන දේදුනට කියන්න ඕන"යොහාන් සිතුවේ එයයි.

ජාති භේද??

නුඹේ එය රුව දකින්නට මට අවසර නැතිදෝ...
කළු සේද පටලයකින් නු‍ඹේ එය රුව වසා ගත්තේ
නුඹව කවුරුත් දකී කියාදෝ........
ඔබ මා දෙස ඉගිකලත් අප ළං නොවන බව නොදනීදෝ....
ජාති භේද ඇතත් අප සැම මිනිසුන් බව නොතේරෙන ලොවක
නුඹ ඉගිපාන්නේ කිමදෝ.......
කුමරියනි කිමදෝ....

මෙහෙම කරන එක හොදද?

ජීවිතය කියන්නේ එක විදිහක දුකක්..මම හරි නේද?
මේ කතාව ගොඩාක් කාලෙකට ඉස්සර වෙලා වෙච්ච දෙයක්.මම හිතන විදිහට අවුරුදු තුනකට ඉස්සර වෙලා.ගොඩාක් දුක හිතෙනවා...මොකද කෙනෙක් තමන්ගේ ජීවිතේ නිස්කාරණේ නාස්ති තරගත්ත නිසා.
කතාව පටන් ගන්නේ මෙහෙමයි.
එක කොල්ලෙක් හිටියා.එයා හරි දක්ෂ කෙනෙක්.සාමාන්‍ය පෙළ හොදට සමත් වෙලා උසස් පෙළ හදාරන්න ලෑස්ති වුණා.එයාගේ යාළුවෝ හැමෝටම කෙල්ලෙක් හිටිය නිසා එයත් යාළුවෙන් කෙල්ලෙක් හෙව්වා.එක ලස්සන කෙල්ලෙක් එයා දැක්කා.එයා දක්ෂයි වගේ මොකද පන්තියේ පළවෙනියා වෙලා රැස්වීමේ ඉස්සරහටත් ආවා.ඉතින් මෙයා එයාට තමන්ගේ හැගීම කිව්වා.එ‍් කෙල්ල එයාට කැමති වෙලා යාළු වුණා.කොල්ලත් ලස්සනයි.ඒ වගේම පෝසත්.කියන්න අඩුපාඩුවක් තිබ්බේ නෑ.ඒත් ටික දවසක් යනකොට කෙල්ල වෙන කොල්ලෙකුට කැමති වෙලා මෙයාව අතහරින්න හිතාගෙන ලියුමක් ලිව්වා.ඔයා මට වැඩිය වයසින් වැඩියි ඒ නිසා අපි මේක අතහරිමු කියලා.මේක දැක්ක ගමන් කොල්ලා රත් වුණා.මොකද තමන් ඇත්තටම ආදරේ කරපු කෙනා මෙහෙම කරනකොට මොන දෙයියන්ට කියන්නද?එයා හොදටම ඇඩුවා.පුළුවන් තරම් හයියෙන්.ඊට පස්සේ කෙල්ලගෙන් ඒ ගැන ඇහුවා.එතකොට කිව්වෙත් ඒක.එයාට හුගක් දුක නිසා විභාගේ නොකර රට යනවා කියලා කෙල්ලට කීවා.කෙල්ල නෙවේ ගණන් ගත්තේ.එහු විභාගය නොලියා හිටියා.රට ගියෙත් නෑ.අනතිමට රස්සාවත් නෑ.මේක කොයිතරම් අපරාදයක්ද නේද?

බැහැ....



පද පෙළක මිහිරියාව
හොර රහසේ විදගන්න
නු‍ඹේ කනට කෙදිරුවත්
සිනහවකින් ළං කරන්න..
සිතුවත් හැමදෙය
බැහැ අපට ළං වන්න
නුඹ සොදුරු වුණත්
ඔබ සොයා ආවත්
බැහැ බැහැ මට
නොගැලපෙන ඔය හද
ළංකර තුරුළු වෙන්න....

හැන්දෑව

"මේ දේදුනු පුළුවන් නම් හැමදාම අපිට බත් ගේන්නකෝ"අකිල කීවේය.
"ඕන නම් ගේන්නම්"දේදුනු කීවාය.
"අනේ විහිළුවට කිව්වේ අපි අනිත් දවස් වලට කෑම ගේනවා"යොහාන් කියන්නට විය.
"ආ ගණන් ගන්න එපා අපි ඕන නම් ගේන්නම්"අමා කීවාය.විහිළු තහළු මැද ඔවුන් ආහාර ගෙන අවසන් වූහ.පන්තිය දිවා ආහාරයෙන් පසු ආරම්භ විය.
"හොදයි ළමයි මම ඔයාලව කණ්ඩායම් වලට බෙදනවා.ඔයාලා අනිත් සතියේ මම දෙන ප්‍රොජෙක්ට් එක කරන් එන්න ඕන."ගුරුතුමිය කීවාය.වාසනාවටදෝ කොහෙද දේදුනු,අමා,යොහාන් සහ අකිල එකම කණ්ඩායමට හසු වූහ.ඒ නිසා පන්තිය අවසන් වී ඔවුන් පැමිණියේ කතා බහ කරමිනි..
එක්වරම ගැහැණු ළමයෙක් යොහාන්ගේ ඇගේ වැදුණි.
"සොරි අයියා වැරදීමක් උණේ"ඈ ආකර්ෂණීය සිනා රැල්ලක් ඔහු වෙත මුදා හැරියාය.
"බිනූ"දේදුනු කොදුරන හඩත් සෙමින් යොහාන් අසලින් අයිවන බවත් යොහාන්ට පෙනුනි.
"අනිත් දවසට බලාගෙන පාරේ යන්න"යොහාන් කීවේ කිසිම විදිහකින් ඇය ගණන් නොගනිමිනි.
"එක එක කොල්ලන්ගේ ඇගේ හැප්පෙන්නේ බලාගෙනයි."අකිලද යොහාන්ගේ සහයට කතා කළේය.
මුහුණ නරක් කරගත් බිනූ පන්තිය වෙත දිව ගියේ හඩමිනි.
"මොනාද අයියේ ඔයාලා කරේ"බිනූගේ යහළුවෙකු ඇසුවාය.
"ඇයි නංගි අපි කියපුවා වැරදි ඇයි?"අකිල විමසුවේය.
"එයාගේ හිත රිදෙන්න ඇති"ඇය නැවතත් කීවාය.
"ඒ මොකද ?"යොහාන් ඇසුවේ කාරණය වටහාගෙන තරහිනි.අනෙත් අයටද කාරණය වැටහෙමින් තිබුණි.ඉන් වැඩියෙන් බියට පත් වූයේ දේදුනුය.තමා යොහාන් සමග කතා කරනවා දුටුවහොත් ගෙදරින් විසදුම් නැති බව ඇගේ සිහියට එන්න ගියේ තත්පර කිහිපයකි.අමාද තත්වය මැනවින් වටහාගෙන තිබුණි.
"ඇයි අයියේ එයා ඔයාට කැමතියිනේ"ඈ කියන්නට විය.
"මේ නංගී ඉගෙනගන්න කාලේ ඉගෙන ගන්න.අපි නම් විභාගේ ලියලා.ඔයාලා තාම පොඩියි නේද?"යොහාන් කීවේය.
"නංගී වැරදියට හිතන්න එපා ඒ උණාට ඔයාලා ඉස්සර වෙලා ඉගෙනගන්න" අකිල කීවේය.
"අපෝ හරි කට්ටිය"ඈ කෝපයෙන් ගස්සා ගියාය.
"දේදුනු මොකද බයවෙලා"යොහාන් බියට පත්ව සිටි දේදුනුගෙන් ඇසුවේය.
"එයා මෙයාගේ නංගී"අමා කීවාය.
සියලු දෙනා අතර ඇති වූයේ නිහැඩියාවකි.
"අපි ඕක අමතක කරමු"අකිල අවසානයේ කීවේය.මෙය කරදර ගොඩක ආරම්භය බව නම් දේදුනු දනී..

සීත කදුළු......

මේ සිංදුව ලීවේ රුවන් අයියා මට සිංදුවක් ලියන්න කිව්ව නිසා.ඒ නිසා එයාට ගොඩාක් ස්තූතිවන්ත වෙනවා..
සීත කදුළු මා හදේ ගලාවී
නුඹේ නමින් මා තවම හඩාවී
වසන්තයේ තව මල් පිබිදේවී
නුඹ නැතිවම මට පාළු දැනේවී.......

මා විදිනා දුක් නුඹට දැනේදෝ
නුඹ වෙනුවෙන් මා තවම අඩාදෝ
සුරතලියේ නුඹ යලි පැමිණේදෝ
නැතිනම් මට දුක තුරුළු වේවිදෝ.....

හද පවසන රහසක මං තනි වූවා
නුඹ ගැන අද මට සිහි වූවා
නුඹේ සිනා මා හද ළං වීලා
කියූ රහස් දැන් බොදවීලා........

තනිකම මට තුරුළු කරලා
මැදියම් රුයක නුඹ වෙන්වූවා
තවමත් මං එහි තනිවීලා
සොදුරු අතීතය අද බොදවීලා.......

සීත කදුළු මා හදේ ගලාවී.....

ගං තෙරේ..........

වැසි වැටෙන අමිහිරි රැයක
ගත දැවටෙන සිසිල දරාගෙන
අන්තිම මොහොතත් ඒ දෙස බලාගෙන
නුඹ එනවාදෝ සිත ඇසුවා...

වයලීනයේ නිහඩ රාවය
සිත තව තවත් දුක් විය
නැහැ නුඔ  තවත්
සිත ඇසුවා.................

ගං තෙරට නෙත් යොමා
දෙනෙත් කදුලින් බොද වුණා
සිතට දුක දී ඈ ..........
ගං පතුලේ සැගවුණා.....

               Dil...........

කරනු බැහැ......

                 මග හැරියේ නුඹව බැහැ ම‍ට හිත රිදවන්න
                  නුඹ හද මෝරන මා ගැන ආලය
                  කෙතරම් සොදුරු වුවත් බැහැ දැන් පිළිගන්න
                 බැහැ මට දුක් දෙන්න කෙලෙසවත් එය පිළිගන්න
                 මා හදට බර වැඩි වචනය බැහැ මට තුරුළු කරගන්න
                 සමාජය විෂමයි බැහැ මට පැරදෙන්න
                 ඒත්............................................‍
                 අහිංසක නු‍ඹේ දෑස් දුටු විට හිත රිදෙනවා සත්තයි...!
                ඉතින් මා නුඹ මග හැර නුඹට දුක් දෙන්නේ ඒ නිසයි...
                          Dil.....
 

Usage Rights

DesignBlog BloggerTheme comes under a Creative Commons License.This template is free of charge to create a personal blog.You can make changes to the templates to suit your needs.But You must keep the footer links Intact.