Showing posts with label ජීවිතය. Show all posts
Showing posts with label ජීවිතය. Show all posts

මෙහෙම කරන එක හොදද?

ජීවිතය කියන්නේ එක විදිහක දුකක්..මම හරි නේද?
මේ කතාව ගොඩාක් කාලෙකට ඉස්සර වෙලා වෙච්ච දෙයක්.මම හිතන විදිහට අවුරුදු තුනකට ඉස්සර වෙලා.ගොඩාක් දුක හිතෙනවා...මොකද කෙනෙක් තමන්ගේ ජීවිතේ නිස්කාරණේ නාස්ති තරගත්ත නිසා.
කතාව පටන් ගන්නේ මෙහෙමයි.
එක කොල්ලෙක් හිටියා.එයා හරි දක්ෂ කෙනෙක්.සාමාන්‍ය පෙළ හොදට සමත් වෙලා උසස් පෙළ හදාරන්න ලෑස්ති වුණා.එයාගේ යාළුවෝ හැමෝටම කෙල්ලෙක් හිටිය නිසා එයත් යාළුවෙන් කෙල්ලෙක් හෙව්වා.එක ලස්සන කෙල්ලෙක් එයා දැක්කා.එයා දක්ෂයි වගේ මොකද පන්තියේ පළවෙනියා වෙලා රැස්වීමේ ඉස්සරහටත් ආවා.ඉතින් මෙයා එයාට තමන්ගේ හැගීම කිව්වා.එ‍් කෙල්ල එයාට කැමති වෙලා යාළු වුණා.කොල්ලත් ලස්සනයි.ඒ වගේම පෝසත්.කියන්න අඩුපාඩුවක් තිබ්බේ නෑ.ඒත් ටික දවසක් යනකොට කෙල්ල වෙන කොල්ලෙකුට කැමති වෙලා මෙයාව අතහරින්න හිතාගෙන ලියුමක් ලිව්වා.ඔයා මට වැඩිය වයසින් වැඩියි ඒ නිසා අපි මේක අතහරිමු කියලා.මේක දැක්ක ගමන් කොල්ලා රත් වුණා.මොකද තමන් ඇත්තටම ආදරේ කරපු කෙනා මෙහෙම කරනකොට මොන දෙයියන්ට කියන්නද?එයා හොදටම ඇඩුවා.පුළුවන් තරම් හයියෙන්.ඊට පස්සේ කෙල්ලගෙන් ඒ ගැන ඇහුවා.එතකොට කිව්වෙත් ඒක.එයාට හුගක් දුක නිසා විභාගේ නොකර රට යනවා කියලා කෙල්ලට කීවා.කෙල්ල නෙවේ ගණන් ගත්තේ.එහු විභාගය නොලියා හිටියා.රට ගියෙත් නෑ.අනතිමට රස්සාවත් නෑ.මේක කොයිතරම් අපරාදයක්ද නේද?

කරනු බැහැ......

                 මග හැරියේ නුඹව බැහැ ම‍ට හිත රිදවන්න
                  නුඹ හද මෝරන මා ගැන ආලය
                  කෙතරම් සොදුරු වුවත් බැහැ දැන් පිළිගන්න
                 බැහැ මට දුක් දෙන්න කෙලෙසවත් එය පිළිගන්න
                 මා හදට බර වැඩි වචනය බැහැ මට තුරුළු කරගන්න
                 සමාජය විෂමයි බැහැ මට පැරදෙන්න
                 ඒත්............................................‍
                 අහිංසක නු‍ඹේ දෑස් දුටු විට හිත රිදෙනවා සත්තයි...!
                ඉතින් මා නුඹ මග හැර නුඹට දුක් දෙන්නේ ඒ නිසයි...
                          Dil.....
 

Usage Rights

DesignBlog BloggerTheme comes under a Creative Commons License.This template is free of charge to create a personal blog.You can make changes to the templates to suit your needs.But You must keep the footer links Intact.