Showing posts with label හැන්දෑව. Show all posts
Showing posts with label හැන්දෑව. Show all posts

හැන්දෑව............


 8 කොටස
                                                                                                             
  කිසිවක් නොකී දේදුනු කාමරයට ගියාය.තම නැගණිය දෙසට සහ මව දෙසට හැරුණු පබෝදා හිස් බැල්මක් ඔවුන් වෙත හෙලා දේදුනු පසුපස ගියාය.
"දේදුනු ඔයා දුක් වෙන්න එපා.ජීවිතේ හැටි ඔහොම තමා"පබෝ මුමුණන්නට විය.
"ඒත් මම මෙච්චර අවාසනාවන්තද?පොඩි කාලේ ඉදන් මට මෙහෙම  දුක් වෙන්න"දේදුනු හඩන්නට වූවාය.
"කදුළුවල‍ට දුක හේදෙනවා විතරයි දේදුනු..මමත් හැමදාම අඩනවා.ඒත් අඩලා ජීවිතේට ලැබෙන දෙයක් නෑ කියලා මම තේරුම් ගත්තා..දේදුනු මම ගාමන්ට් එකක වැඩට යනවා..මම දැන් දන්නවා මගේ ජීවිතේ තියෙන්නේ මගේ කැප කිරීම මත කියලා"පබෝ සුසුමක් හෙලන්නට විය.
"ඒත් අක්කේ..?"දේදුනුට කතා කරන්නට ඉඩක් නැති විය.
"මම දන්නවා දේදුනු අම්මා කීයටවත් ඉඩ දෙන්නෑ.ඒත් මේ මම එයා නෙවේ"පබෝ දෑස් තරහින් දිලිසෙන්නට විය..........................................
"යොහාන් ඔහොම ඉන්න නැතිව කන්න එන්න."නිඛිල කල්පනා කරන යොහාන්ගේ දැහැන බිදිමින් කීවේය.
"අනේ අයියේ මම මොනා කරන්නද?"යොහාන් කිසිවක් සිතාගත නොහැකිව ලත විය.
"මම කිව්ව වගේ එන දේකට මුහුණ දෙමු .යං දැන් කන්න නැත්තම් තවත් කෙට්ටු වෙයි."නිඛිල යොහාන් සිනහ ගස්සනට උත්සහ කලද එය සාර්ථක නොවීය...........
"දේදුනු රාත්‍රි ආහාරයගත්තේ පිරියකින් නොවේ.ඈ වෙනදාට වඩා කලින් නින්දට ගියේද එබැවිනි.රාත්‍රිය නිහඩය.දේදුනු ඇදේ වැතිරි කල්පනා කරන්නට විය.
යොහානුයි අකිලයි කොච්චර හොදද? ඒත් මම එයාලා එක්ක කතා කරනවා බිනූ දැක්කොත් මම ඉදලා ඉවරයි.ඒ උනාට ඒ යාළුකම නැති කරගන්න මට බැහැ...මොනා කරන්නද මම පව්කාරියෙක් වෙලා ඉපදුනේ නැත්තම් මෙච්චර දෙයක් වෙන්නෑනේ..පබෝ කිව්ව වගේ මාත් ඉක්මනට රස්සාවක් හොයා ගත්තොත් හරි.
ඇයට සිතන්නට හැකි වුයේ එපමණකි.නින්ද ඈ සොයා ආවාය.....
.............................................................................................................
බිනූ මේ අතර නිදි නොලබා කල්පනා කරන්නට කරන්නට විය.
"පොඩි කාලෙ ඉදලම මම මට ඕන හැම දේම ලබා ගත්තා.මම කවදාවත් එයාව මගෙන් උදුර ගන්න දෙන්නෑ.මම කොහොම හරි එයාව ලබා ගන්නවා.එහෙම නොකළොත් ඒ මම නෙවේ............................
"අනේ දෙවියනේ ඒ අහිංසක ඇස් දෙක.මට හිතාගන්න බෑ මං ඇයි එයා එච්චරටම කැමති.මට පිස්සු හැදීගෙන එනවද?නැත්තම් මං එයාව පතාගෙන ආවද?මට තේරුම් ගන්න බැරි මං ඇයි එයාට කැමති කියලා."අකිල තමාටම මුමුණා ගනිමින් මුහුණ සෝදන්නට විය.
"දේදුනු දෙවියනේ මට ඇයි මේ ගැන හිතුණේ "අකිල හැගුම්බරවිය........



හැන්දෑව

7 කොටස
"ඔයාලට මං නිසා ගොඩක් කරදර වුණා නේද?"දේදුනු බයාදු ලෙස ඇසුවාය.
"යාළුවෝ කියන්නේ මොනාටද එහෙනම්.හ්ම්"අකිල ඇසුවේය.
"ඒත්..."දේදුනුට කතාව අහවර කර ගත නොහැකි විය.
"ආය මොකුත් කියන්න එපා..අපි දැන් ගෙදර යමු"අමා කීවාය.
"බුදුසරණයි කට්ටියටම පරිස්සමෙන් යන්න"යොහාන් හා අකිල සමුදෙමින් කීහ.
"ඔයාලටත් බුදුසරණයි!"අමා හා දේදුනු සමු ගත්හ.
අමා හා දේදුනු නිවස කරා එන අතරතුරද සිද්ධිය ගැන කතා කළහ.
"මට නම් මේ හැම‍ දේම එපා වෙනවා අමා.."දේදුනු කලකිරුණු ස්භාවයෙන් කීවාය."එක වෙලාවකට හැමදේම අතහැරලා කොහේ හරි යන්න හිතෙනවා"
"පිස්සු කියවන්න එපා දේදුනු අපි ඔයාට ඉන්නවනේ"තම මිතුරිය අහිමි වේයැයි කියන දුකින් හට ගත් කෝපයෙන් අමා කෑගැසුවාය.
"මම ඔයාලා නිසා තමයි ඉවසන්නේ අමා.මම ගෙදරින් ගියොත් පබෝ තනි වෙනවා"
"හරි දේදුනු ඔයා කලබල නොවී කාලෙට ඉඩ දෙන්න"අමා කීවාය.
"හොදයි මම යනවා අමා"දේදුනු නිවසේ කඩුල්ල පනිමින් කීවාය.
ඊළග මොහොතේ ඇය බිය වුයේ නිවස ඉදිරිපිට සිටින අය දැකීමෙනි...........................................
"උඹ ටික දවසක ඉදන් වෙනස් වෙලා "යොහාන්ගේ අයියා නිඛිල කීවේය."මොකක් හරි ප්‍රශ්නයක්ද?"
"නෑ මොකුත් නෑ අයියේ.."යොහාන් කීවේය.
"මේ බොරු කියන්න එපා.ඔයා පොඩි කාලේ ඉදන්ම ප්‍රශ්නයක් තියනකොට කියන්නේ නෑ මොකුත් නෑ කියලා.කියනවා කියනවා.."නිඛිල ඇවටිලි කරන්නට විය.
"මම අර කිව්වේ දේදුනු කියලා....."යොහාන්ට කතාව අවසන් කර ගත නොහැකි විය.
"ඉතින් අහනවා...."නිඛිල යොහාන් ‍ගේ පිටට තට්ටුවක් දැම්මේය.
"ඒත් එයාට ගෙදරින් ප්‍රපෝසල් එකක් තියෙනවා"යොහාන් සුසුමක් හෙළුවේය.
"කෙල්ල ඒකට කැමතිද?"නිඛිල ප්‍රශ්නය වටහා ගනිමින් කීවේය.
"නැහැ.ඒ මදිවට කෙල්ලගේ නංගි මට මළ ඇණයක් වෙලා"යොහාන් කීවේය.
"මම ඩොක්ටර් කෙනෙක් උණාට ඕවට බෙහෙත් මං ළග නෑ..ඔයා අහන්නකෝ ඊට පස්සේ වෙන දේකට මුහුණ දෙමු"නිඛිල කියන්නට විය...........................................
"ආ.... අපි බලන් හිටියේ කුමාරි හාමි වඩිනකම් තමා"බිනූ දේදුනු එන විටම කෑගැසුවාය.
"ඔය එන්නේ ආරංචියි අද වෙච්ච දේ අර අසරණයට ගහල පව් දෙයියනේ ඌ මොන වරදක් කලාටද?"දේදුනුගේ මව කැගැසුවාය.
"කුමාරට කවුරුත් ගැහුවේ නෑ.ඊටම මම කියන විදිහේ දෙයක් කලෙත් නෑ"දේදුනු මෙසේ කතා කළ පළමු දවස විය.
"අපි දන්නෑනේ දැන් නෝනා ලොකුයි කියලා..මේ ඕවට මාත් එක්ක එන්න එපා හරිද?"මව බෙරිහන් දෙන්නට විය................


හැන්දෑව

6 කොටස
"මම මේ ගැන දේදුනුට කියන්න ඕන"
"හරි ළමයිනේ අපි පුස්තකාලෙට යමු අපේ ප්‍රොජෙක්ට් එක කරන්න"යොහාන් නිහැඩියාව බින්දේය.
"ලේඩිස් ෆ(ර්)ට්.එහෙම නේද?"අකිල අමාට සහ දේදුනුට ඉදිරියට ආරාධනා කළේය.
"ඔව් ඉතින් පිරිමි දන්නේ පස්ස ගහන්නනේ"අමා කියන්නට විය.
"මේ..මේ..ඕවට විතරක් එන්න එපා හරිද?"අකිල කියන්නට විය.
"ඇයි ඔයා මොනා කරන්නද?"අමාද නෝක්කාඩුවට කියන්නට විය.
"ඔන්න ඉතින් දෙන්නා පටන් ගත්තා" දේදුනු කීවේ හිනැහෙමිනි.
"ඇති යන්තම් හිනා වුණා.."යොහාන් කීවේය.
පහත් හඩින් සිනාසුනු දේදුනු බිමට හිස හරවා ගත්තාය.
"ඔන්න ආවා"පුස්තකාලයට පැමිණි අමා කීවාය.
ඔවුන් පුස්තකාලය වෙත ගොස් පොත් සොයන්නට විය.නොයෙක් දේ පහත් හඩින් මුමුණමින් ඔවුන් මේසය වටා රොක් වූහ.
"ආ අකිල!දැක්ක කල්"අකිලගේ පැරණි මිතුරෙකු ආවේ මෙවිටය.
"ඉතින් මචං කොහොමද ජීවිතේ" අකිල තම මිතුරාගෙන් ඇසුවේය.
"වරදක් නෑ.ඒක නෙවේ අර ඔයාගේ නංගිද?"ඔහු ඇසුවේ දේදුනු දෙස අත දිගු කරමිනි.
"පිස්සුද?එයා මගේ යාළුවෙක්"අකිල කීවේය.
"නිවුන්නු වගේනේ නැද්ද යොහාන්?"ඔහු යොහාන්ගෙන් ඇසුවේය.
"සීයයට අනූනවයක් විතර.මොකද මුගේ කටනම් නෑ"යොහාන්ගේ කතාවට අනෙක් අය පහත් හඩින් සිනාසුනහ.
"හරි මං යනවා මචං.මට වැඩ වගයක් තියනවා කරගන්න"ඔහු කීවේය.
"හරි එහෙනම් බුදු සරණයි!"අකිල කීවේය.
"අපිත් යමු නේද?"අමා ඇසුවාය.
ඔවුන් අවශ්‍ය පොත් රැගෙන පුස්තකාලයෙන් එළියට ආහ.
"ආ දේදුනු තමුසේ කාත් එක්කද මේ රවුම් ගහන්නේ?"නොසිතු ලෙස කඩා පහත් වුණු කුමාර දුටු දේදුනු බිය වූවාය."තමුසේ එනවා මාත් එක්ක යන්න"ඔහු දේදුනුගේ අතින් අදින්නට විය.
"මේ මේක ටවුම ඔහේ ඔය වගේ වැඩ කරන්න එපා"දේදුනු කෝපයට පත්ව සිටියාය.
"අනෙක මේ පැත්තට වත් එන්න එපා"අමාද කෝපයෙන් කෑගැසුවාය.
"ඔයාලා පැත්තකට වෙන්න අපි මේක බලා ගන්නම්"යොහාන් සහ අකිල කුමාර ළගට ගොස් මොනවදෝ කියන්නට වූහ.කුමාර ඔවුන් දෙසට ඔරවා යන්නට ගියේය.
"මං නිසා ඔයාලටත් ප්‍රශ්න"දේදුනු හඩමින් අසල තිබූ බංකුවක වාඩි වූවාය.
"කමක් නෑ"යොහාන් ඇය දෙස බලමින් කීවාය.
ඇය යොහාන් දෙස බැලුවාය.ඔහුගේ දෑසේ මිත්‍රශීලි බවක් ගෑවී ඇතැයි දේදුනු සිතුවද ඊට වැඩි යමක් ඈ දුටුවේ නැත.
"මම මේ ගැන දේදුනට කියන්න ඕන"යොහාන් සිතුවේ එයයි.

හැන්දෑව

"මේ දේදුනු පුළුවන් නම් හැමදාම අපිට බත් ගේන්නකෝ"අකිල කීවේය.
"ඕන නම් ගේන්නම්"දේදුනු කීවාය.
"අනේ විහිළුවට කිව්වේ අපි අනිත් දවස් වලට කෑම ගේනවා"යොහාන් කියන්නට විය.
"ආ ගණන් ගන්න එපා අපි ඕන නම් ගේන්නම්"අමා කීවාය.විහිළු තහළු මැද ඔවුන් ආහාර ගෙන අවසන් වූහ.පන්තිය දිවා ආහාරයෙන් පසු ආරම්භ විය.
"හොදයි ළමයි මම ඔයාලව කණ්ඩායම් වලට බෙදනවා.ඔයාලා අනිත් සතියේ මම දෙන ප්‍රොජෙක්ට් එක කරන් එන්න ඕන."ගුරුතුමිය කීවාය.වාසනාවටදෝ කොහෙද දේදුනු,අමා,යොහාන් සහ අකිල එකම කණ්ඩායමට හසු වූහ.ඒ නිසා පන්තිය අවසන් වී ඔවුන් පැමිණියේ කතා බහ කරමිනි..
එක්වරම ගැහැණු ළමයෙක් යොහාන්ගේ ඇගේ වැදුණි.
"සොරි අයියා වැරදීමක් උණේ"ඈ ආකර්ෂණීය සිනා රැල්ලක් ඔහු වෙත මුදා හැරියාය.
"බිනූ"දේදුනු කොදුරන හඩත් සෙමින් යොහාන් අසලින් අයිවන බවත් යොහාන්ට පෙනුනි.
"අනිත් දවසට බලාගෙන පාරේ යන්න"යොහාන් කීවේ කිසිම විදිහකින් ඇය ගණන් නොගනිමිනි.
"එක එක කොල්ලන්ගේ ඇගේ හැප්පෙන්නේ බලාගෙනයි."අකිලද යොහාන්ගේ සහයට කතා කළේය.
මුහුණ නරක් කරගත් බිනූ පන්තිය වෙත දිව ගියේ හඩමිනි.
"මොනාද අයියේ ඔයාලා කරේ"බිනූගේ යහළුවෙකු ඇසුවාය.
"ඇයි නංගි අපි කියපුවා වැරදි ඇයි?"අකිල විමසුවේය.
"එයාගේ හිත රිදෙන්න ඇති"ඇය නැවතත් කීවාය.
"ඒ මොකද ?"යොහාන් ඇසුවේ කාරණය වටහාගෙන තරහිනි.අනෙත් අයටද කාරණය වැටහෙමින් තිබුණි.ඉන් වැඩියෙන් බියට පත් වූයේ දේදුනුය.තමා යොහාන් සමග කතා කරනවා දුටුවහොත් ගෙදරින් විසදුම් නැති බව ඇගේ සිහියට එන්න ගියේ තත්පර කිහිපයකි.අමාද තත්වය මැනවින් වටහාගෙන තිබුණි.
"ඇයි අයියේ එයා ඔයාට කැමතියිනේ"ඈ කියන්නට විය.
"මේ නංගී ඉගෙනගන්න කාලේ ඉගෙන ගන්න.අපි නම් විභාගේ ලියලා.ඔයාලා තාම පොඩියි නේද?"යොහාන් කීවේය.
"නංගී වැරදියට හිතන්න එපා ඒ උණාට ඔයාලා ඉස්සර වෙලා ඉගෙනගන්න" අකිල කීවේය.
"අපෝ හරි කට්ටිය"ඈ කෝපයෙන් ගස්සා ගියාය.
"දේදුනු මොකද බයවෙලා"යොහාන් බියට පත්ව සිටි දේදුනුගෙන් ඇසුවේය.
"එයා මෙයාගේ නංගී"අමා කීවාය.
සියලු දෙනා අතර ඇති වූයේ නිහැඩියාවකි.
"අපි ඕක අමතක කරමු"අකිල අවසානයේ කීවේය.මෙය කරදර ගොඩක ආරම්භය බව නම් දේදුනු දනී..

හැන්දෑව

4.කොටස
"ඔයා හරි දක්ෂයිනේ..."
දේදුනු එසේ සිතමින් නිදි දෙව් දුව තුරුළේ සැතපුණාය.
පසුදා උදෑසනම සතුටු සිතින් අවදි වූවත් ඒ සතුට සේදී ගියේ පෙරදා සිදුවූ සිදුවීම් සිහියට නැගුණු හෙයිනි."හ්ම්.."ළය සුසුමකින් සැහැල්ලු කර ගන්නා අතර ඇගේ මුවින් නික්මුණි.දේදුනු උදෑසන ආහාරය සකසා බත් මුල් දෙකක් බැන්දේ අසරණයෙකුට දීම සදහාය.ඇය පුරුද්දක් වශයෙන් එය කලත් මව දැන ගතහොත් මුහුණ දීමට වෙන අකරතැබ්බයද ඈ හොදින්ම දැන සිටියාය.
පොලොස් මාළුවත්,තලපත් මාළුත්,මඤ්ඤොක් කොල මැල්ලුමත්,කිරි හොද්දෙනුත් බත පිරි තිබුණි.කෙහෙල් කොළ කපාගත් ඈ බත් දෙක බැද මල්ලට දමා ගත්තාය.මුහුණ සෝදා ආහාර ගෙන පොත පතේ වැඩ නිම කළ ඈ අමා හමුවීමට ආවාය.
"ආ!අද උදේම කොහේ යන්නද?"අමා විමසුවාය.
"ඇයි අමා පන්ති යන්නැද්ද?"ඈ විමසුවාය.
"දෙවියනේ අමතක උනා.ඉන්න මම තත්පරෙට එනවා."අමා සුදානම් වීමට ගේ තුළට ගියාය.
"ආ...දේදුනු දුව ඔන්න අද නම් තේ එකක් බීලම යන්න ඕන.හැමදාම ආවට කවදාවත් තේකක් බොන එකක්යැ."අමාගේ මව ඇයට කීවාය.
"මටත් මේ වගේ අම්ම කෙනෙක් හිටිය නම්"ඈ නෙතට ආ කදුළු වැරෙන් සගවා ගෙන තේ උගුරක් බීවාය.
"අපි යනවා අම්මා."අමා කාමරයෙන් එළියට පැමිණියේ කෑගසාගෙනය."අපි යමු."දේදුනුත් අමාත් නිවසෙන් එළියට බැස පාරට ආහ.
"අන්න අර නරුමයා එනවා.හොද වෙලාවට බස් එකක් එනවා අපි නගිමු."අමා කීවේ කුමාර එනු දැකයි.ඔවුන් කෙසේ හෝ කුමාරව මග හැර බසයට නැග ගත්හ.
පන්තිය වෙතට එන විට ඔවුන්ට දැකගත හැකිවූයේ යොහාන් සහ අකිල සිටින අයුරුයි.
"ගුඩ් මෝනින්"ඔවුන් මේ දෙදෙනාව පිළි ගත්හ.
"ගුඩ් මෝනින්"අමා හා දේදුනු කීහ.
පන්තිය පටන් ගත් බැවින් ඔවුන් පන්තිය වෙත ආහ.දවල් කෑම වන තුරු ඔවුන්ට වචනයකදු කතා කිරීමේ අවස්ථාව නොලැබිනි.
යොහාන් හා අකිල දවල් ආහාරය නොගන්නා බව දුටු අමා ඔවුන්ට කතා කළාය.
"ඔයාලා කන්නේ නැද්ද?"අමා ඇසුවාය.
"අයියෝ මට කෑම ගේන්න බැරි වුණානේ ඒක නිසා දෙන්නම බඩගින්නේ".යොහාන් දුක්බර ස්වරූපයක් මවාගෙන කීවේය.
"මගේ ළග තව බත් එකක් තියෙනවා."දේදුනු කීවාය.
"මම මේ අහන්නේ දේදුනුට දිවැස් එහෙම තියෙනවද?"අකිල ඇසුවේය.
"අනේ නෑ මම කාට හරි දෙන්න කියලා හැමදාම බත් එකක් ගේනවා."ඈ කීවාය.
"ඔව් ඉතින් මෙයා අසරණ සරණනේ"අමා කීවාය.
"ඔන්න අද ඔයාගේ බත් මුලට වග කියන අසරණයෝ දෙන්නා අපි"යොහාන් බත් මුල දිග හරින්නට විය.
"ඔයාලගේ ගෙදර මගුල් ගෙයක්වත්ද?"යොහාන් පුදුමයෙන් අසන්නට විය.
"අනේ නෑ මම නිකමට ඉව්වේ"දේදුනු කීවාය.
"හරි රසයි "කටක් කෑ අකිල කීවේය.
"ඔයා හරි දක්ෂයිනේ"යොහාන් කීවේය.





හැන්දෑව.

මට මොනා වෙයිද දන්නෑ.

3 කොටස
"මොකක් ගැනද ඔයා කියන්න හදන්නේ?"හැඩුම අතරින් ඇය ඇසුවාය.
"දේදුනු ඔයා පොරොන්දු වෙන්න හිත නරක් කරගන්නෑ කියලා."පබෝ කිවාය.
"හරි මං පොරොන්දු වෙන්නම් ඔයා කියන්නකෝ."ඈ කීවාය.
"කුමාර ආවේ ඔයා ගැන අහන්න"පබෝ කියන්නට විය.
"මං ගැන?"ඈ පුදුම වූවාය.
"ඔව් අම්මා කැමති වුණා.එයා කියපු දේවල් මම කියන්න ඕන නෑනේ"
"අම්මා කොහොමද එහෙම කරන්නේ මම කොහොමද ඒ අමුනුශ්‍යත් එක්ක ජීවත් වෙන්නේ?"ඇගේ හැඩුම වැඩි විය.
"දේදුනු කෑගන්න එපා.ඔයා දන්නවනේ මම කතා කරන්නෑ කියලා.එයාලා ආවොත් මට මොනා වෙයිද?"පබෝ බියෙන් තෙලපුවාය.
"සමාවෙන්න.පබෝ ඒත් මම දරාගන්නේ කොහොමද?"දේදුනු කදුළු පිරි හිස් බැල්මක් හෙළුවාය.
"ඔයා මට පොරොන්දු වුණා හිත කලබල කරගන්නෑ කියලා."
"හරි මං අමාට කතා කරලා එන්නම්"
"ඔය කදුළු පිහිදන් යන්න"පබෝ කීවාය.දේදුනු යන අතර පබෝ මෙසේ සිතන්නට විය.මේ කෙල්ලට කොච්චර නම් දුක් විදින්න වෙනවද?ඒත් එයාට මම කොහොමද කියන්නේ එයාගේ ඇත්ත දෙමාපියෝ ගැන...පබෝ සුසුමකින් ළය සැහැල්ලු කර ගත්තාය.
දේදුනු අමා‍ හා වෙලට ආවාය.
"අමා මේ වෙලාවේ කරදර කළාට සමාවෙන්න ඕන.ඒත් මම වැටිලා ඉන්න තත්වේ ගැන මට ඔයාට කියන්න ඕන."ඈ කීවාය.
"මොකක්ද දේදුනු ප්‍රශ්නේ"ප්‍රශ්නය බරපතල බව ඉවෙන් මෙන් වටහා ගත් අමා ඇසුවාය.
"මේකයි......"ඈ තම ප්‍රශ්නය අමා ඉදිරියේ දිග හැරියාය.
"දේදුනු ඔයාලගේ අම්මට හිතක් පපුවක් නැද්ද?මේ වගේ අපරාධයක් කරන්න තරම්"අමා කෝප වූවාය.
"මම දන්නෑ අමා.මට මොනා වෙයිද කියලා.මට වෙලාවකට හිතෙනවා එයාලා මගේ දෙමාපියෝ නෙවෙයි කියලා.පබෝ විතරයි මට ආදරේ කරන්නේ.ඔයයි පබෝයි නැත්තම් අද මට මොනා වෙයිද දන්නෑ"දේදුනු කළකිරි සිටියාය.
"අසුභ කතා කියන්නෙපා දේදුනු..අපි හැමදාමත් උඹට ඉන්නවා කියලා මතක තියා ගනිං"අමා දුකින් කීවාය.
"මම දන්නවා..ඒත් මොනා කරන්නද මංදා අමා .මම දැන් ගෙදර යන්නම්"‍
"ඔයා ඔය ගැන වැඩිය කල්පනා නොකර කාලෙට ඉඩ දෙන්න"
"හොදයි මම යන්නම්" දේදුනු නිවසට එන්නට විය.
පාඩම් පොත අතට ගත්තත් හිත අවුල් නිසා ඇයට කිසිවක් හිතට ආවේ නැත.රාත්‍රි කෑම පිසූ ඇය නිදන්ට ගියත් නින්ද ඈ සොයා ආවේ නැත.
එක්වරම ඇගේ සිහියට ආවේ යොහාන් හා අකිලයි.ඒ දෙන්නා කොච්චර හොදද කුමාරට වඩා.ඒ වගේ අය අදුරගන්න ලැබෙනවනම් කොච්චර හොදද?ඇයට පහළ වුණ සිතුවිල්ල විය.

හැන්දෑව



2 කොටස "මම කොහොමද ඒක ඔයාට කියන්නේ?"
"ම..ම.."දේදුනු තම වාක්‍ය ආරම්භ කළා පමණි.
"එයා දේදුනු.මම අමා."අමා කීවාය.
"දේදුනු!"තමාට ම පවසාගත් යොහාන් අකිල සමග පන්තිය තුළට ගියේය.
"දේදුනු ඔයා මොකද බයවෙලා?"අමා ඇසුවාය.
"අනේ මන්දා මම දන්නෑ.මට බය හිතුණා."ඈ කීවාය.
"පිස්සි" හයියෙන් සිනාසුන ඔවුන් පන්තිය වෙත ආහ.
පන්ති හමාර වූ ඔවුන් නිවස වෙත ආහ..
"දේදුනු මොකෝ අද?"පබෝධා ඇසුවේ අනෙක් අයට නොඇසෙන ලෙසයි.පබෝ මානසික ආතතියකට පත්ව සිටියාය.ඒ පොඩි කල සිටම දෙමාපියන් දේදුනුට සලකපු විදිහ ගැන කලකිරුණු නිසා ය.දේදුනුගේ කරුණිකත්වය නිසා ඇය සුව වුණත් දේදුනුට හැර කිසිවෙකු හා කතා කළේ නැත.
"හරි වැඩක් වුණානේ....."දේදුනු කතාව කීවාය.
"මං ඔයාට එකක් කියන්නම් දේදුනු ටිකක් සමාජශීලි වෙන්න"පබෝ කීවාය.
"හොදයි.."දේදුනු පහත් හඩින් සිනාසුනාය.
"දේදුනු..."මව කෑගැසුවාය.
"එනවා අම්මා.."යටහත් පහත් ලෙස පවසා මුළුතැන්ගෙට ආවාය.
"අර ළමයට මේ තේක ගිහින් දෙන්න"ඇය තේ කෝප්පය දුන්නාය.
දේදුනු තේ කෝප්පය රැගෙන ගියේ අමුත්තා කවුදැයි කුතුහලයෙනි.
"කුමාර!"ඇය පුදුමයෙන් මුමුණද්දී තේ කෝප්පය අතහැරීමට ඉඩ තිබුණි.
"ආ! දේදුනු ඔයා අද වගේම හෙටත් මට සලකාවි නේද?"කුමාර ඇසුවේය.
"මොකක්ද ඒකේ තේරුම මම තමුසෙව දකින්නවත් කැමති නෑ."කෝපයට පත් දේදුනු කීවාය.
"ඒවා පස්සේ බලා ගමු"තර්ජනය කළ කුමාර එක හුස්මට බිව් තේ කෝප්පය පිරිසිය උඩ තබා පිටත් වුණේය.තේ කොප්පය මුළුතැන්ගේ තබා කාමරයට ගිය දේදුනු හඩන්නට වුවාය.
"දේදුනු මම කොහොම ඒක ඔයාට කියන්නද?"දේදුනුගේ හිස පිරිමදිමින් පබෝ ඇසුවාය.

හැන්දෑව

ඔන්න දෙවනි කොටසත් දැම්මා.pages වල හැන්දෑව කියන page එකේ කතාව ඇති.(left side bar)

ඔන්න හැමෝම හැන්දෑව පිටුව කොහෙද අහන නිසා කතාව මෙතන ලිව්වා.
1 කොටස "ඔයාගේ නම මොකක්ද?"
"දේදුනු..මම බිනූව පන්ති එක්කං යනවා.එනකොට ගෙදර වැඩ ඉවර කරලා රෙදි ටික හොදලා තියන්න."කුමාරි දේදුනුගේ මව කෑගැසුවාය. "හොදමයි අම්මේ"දේදුනු සුපුරුදු යටහපත් බවින් කීවාය.ඇය ගෙදර සියලුම වැඩ අවසන් කොට අමා හා රෙදි සේදීමට වැව වෙතට පිය නගන්නට විය. "අපෝ අර නරුමයා අදත් ඉන්නවා."අමා කීවේ කුමාරටය. "ආ..කට්ටිය නාන්න යනවා වගේ"කුමාර බයිසිකලය රැගෙන ඔවුන් සමීපයට ආවේය. "නෑ අපි පොළේ යනවා"අමා කිවේ නුරුස්සනා අයුරිනි. "අපෝ කවුද ඔයාගෙන් ඇහුවේ?"කුමාර සමච්චලයට කීවේය.
"අපි යමු අමා"දේදුනු කීවේ දෙදෙනා අතර රණ්ඩුවක් ඇති වීම වළක්වනු පිණිසය.
"හා..හොදයි අපි බලා ගමුකෝ"කුමාර කීවේ තරහිනි. "මොනා බලා ගන්නද?"අමාද ඒ හා තරහින් ඇසුවාය.
"අමා අපි යමු අමා"දේදුනු කීවේ බියට පත්වීය.
"හරි.දේදුනු අපි යමු."අමා දේදුනු සමග වැවට පැමිණියාය.
"ඔයා හිටියේ නැත්නම් මම මිනිහට හොද පාඩමක් උගන්නනවා"අමා කීවේ කෝපයෙනි.
"ඕන නෑ අමා අපි ඇයි අහක යන කුණු ගොඩවල් දාගන්නේ"දේදුනු කීවාය.
"පිස්සි" අමා දේදුනුට වතුර පහරක් එල්ල කළාය.ඔවුන් දෙදෙනා සිනාසෙමින් ස්නානය කළහ.
ඔවුන් නිවසට පැමිණ ඉංග්‍රීසි පන්තිය සදහා පිටත් වූහ.
ඉංග්‍රීසි පන්තියට ඇතුළු වනවාත් සමග යමෙක් පැමිණ දේදුනුට කතා කළේය.
"මේක ඔයාගෙද?"ඔහු දිගු කළේ ඇගේ මුදල් පසුම්බියයි.
"ඔ...ව්.." ඈ යන්තමට වචන ගොතා ගත්තාය.
"එහෙනම් මේක ගන්න"ඔහු එය දිගු කළේය.
"ස්තූතියි"ඈ කීවාය.
"මම යොහාන්.මේ මගේ යාළුවා අකිල.ඔයාගේ නම මොකක්ද?"ඔහු ඇසුවේය.

1."ඔයාගේ නම මොකක්ද?"


1."ඔයාගේ නම මොකක්ද?"
ඔන්න ඉතින් පළවෙනි කොටස ලිව්වා.දානවා දානවා කියලා අද තමයි ඔන්න ලිව්වේ.කියවලා බලන්නකෝ.මතක ඇතුව හැන්දෑව පිටුවට යන්න.

හැන්දෑව


තව ටික දවසකකින් දේදුනුගේ කතාව අහමු නේද?


ඈ දේදුනුය.ඇය උසස් පෙළ විද්‍යා අංශයෙන් හදාරා ප්‍රතිඵල එනතුරු සිටින්නී ය.ඇගේ හොදම මිතුරිය අමා ය.ඔවුන් ඉංග්‍රීසි පන්ති යන විට යොහාන් හා ඔහුගේ හොදම මිතුරා හමුවන්නේ අහම්බෙනි.යොහාන් හා අකිල යන දෙපළ ම දේදුනු ගැන බලාපොරොත්තු තබයි.අමා අකිල ගැන සිහින මවන අතර දේදුනුගේ බාල සොයුරිය බිනූ යොහාන් ගැන සිහින මවයි.

දේදුනුගේ වැඩිමල් සොයුරිය පබෝධා මානසික ආතතියකට පත්ව සිටින අතර ඇය දේදුනුගේ ආදරය නිසා සුව වී ඈ හා කතා කරයි.පබෝධා දේදුනුවත් නොදත් ඇගේ දෙමාපියන් ගැන දන්නා රහස කුමක්ද? අකිල තම නිවුන් සොයුරිය ගැන හීන මවන බව විශ්වාස කළ හැකිද?

මේ කතාව අහන්න කැමතිද?එහෙනම් හැන්දෑව පිටුවට යන්න..

 

Usage Rights

DesignBlog BloggerTheme comes under a Creative Commons License.This template is free of charge to create a personal blog.You can make changes to the templates to suit your needs.But You must keep the footer links Intact.