
මේ සිංදුව ලීවේ රුවන් අයියා මට සිංදුවක් ලියන්න කිව්ව නිසා.ඒ නිසා එයාට ගොඩාක් ස්තූතිවන්ත වෙනවා..
සීත කදුළු මා හදේ ගලාවී
නුඹේ නමින් මා තවම හඩාවී
වසන්තයේ තව මල් පිබිදේවී
නුඹ නැතිවම මට පාළු දැනේවී.......
මා විදිනා දුක් නුඹට දැනේදෝ
නුඹ වෙනුවෙන් මා තවම අඩාදෝ
සුරතලියේ නුඹ යලි පැමිණේදෝ
නැතිනම් මට දුක තුරුළු වේවිදෝ.....
හද පවසන රහසක මං තනි වූවා
නුඹ ගැන අද මට සිහි වූවා
නුඹේ සිනා මා හද ළං වීලා
කියූ රහස් දැන් බොදවීලා........
තනිකම මට තුරුළු කරලා
මැදියම් රුයක නුඹ වෙන්වූවා
තවමත් මං එහි තනිවීලා
සොදුරු අතීතය අද බොදවීලා.......
සීත කදුළු මා හදේ ගලාවී.....
