Showing posts with label හිතට එන පුංචි පුංචි දේ. Show all posts
Showing posts with label හිතට එන පුංචි පුංචි දේ. Show all posts

නපුරු ඇස් දෙක

ඔය නපුරු ඇස් දෙක
වෙනස් නොවන තද හිත
මගේ හදට ළං වුණේ
මං ඔය හදට බැදුණේ ‍
කෙලෙසදෝ මම තවම විමසමි.....

බැහැ....



පද පෙළක මිහිරියාව
හොර රහසේ විදගන්න
නු‍ඹේ කනට කෙදිරුවත්
සිනහවකින් ළං කරන්න..
සිතුවත් හැමදෙය
බැහැ අපට ළං වන්න
නුඹ සොදුරු වුණත්
ඔබ සොයා ආවත්
බැහැ බැහැ මට
නොගැලපෙන ඔය හද
ළංකර තුරුළු වෙන්න....

ජීවිතය මට දැනෙන විදිහ...

ජීවිතය කියන්නේ හරිම පුදුමාකාර දෙයක්.ඒක තේරුම් ගන්න එක තමා බොහොම අමාරු.මොකද එක වෙලාවකට ජීවත් වෙන්න ඕන .තව වෙලාවකට ජීවත් වෙලා වැඩක් නෑ.එහෙමයි අපි හිතන්නේ.ජීවිතය පුරාම අරමුණු තියෙනවා.හැම අරමුණක් ම වගේ හැගීම් මත පදනම් වෙච්ච ඒවා.අතීතය අපේ ජීවිතයේම කොටසක් විදිහට නිතරම ළගින් ඉන්නවා.මම හිතන්නේ මිනිස්සු සතුටට වඩා දුක සිහි කර කර අමුතුම රස වින්දනයක් ලබනවා.මම කියන්නේ දුක සිහිපත් කරලා සතුටු වෙනවා කියලා නෙවෙයි.ඒත් දුක මතක් කරන්න ගොඩක් අය කැමතියි.ජීවත් වෙලා ඉන්න අපිට හැමදාම තියෙන්නේ මේ වෙනස් වෙන තැන එහෙමත් නැත්නම් හිත.අපි හැමදේම කරන්නේ අපේ හිතෙන්.අපිට කරන්න පුළුවන් හොදම දේත් නරකම දේත් කරන්නේ අපේ මේ හිත.ජීවිතයේ පුරාවට ලැබෙන හැම දේම හිත් කොනක හැංගිලා ඉන්නවා.කාටවත් කාගෙවත් හිත් කියවන්න බෑ.ඒ නිසා මේ ලෝකේ ගොඩක් අය අනිත් අයව වැරදියට තේරුම් ගන්නේ.එයාලගේ සිතුවිලි කොච්චර ලස්සන උනත් අවංක වුණත් ඒ අයව තේරුම් ගන්නෑ.ගොඩක් ම දුක අපි ආදරය කරන අය අපිව තේරුම් ගන්නේ නැති උනාම.මොකද වෙලාවකට මගේ හොදම යාළුවාට මම එයාට හොදක් කීවම එයාට තරහ යනවා.තනියම ජීවත් වෙන්න බැරි වුණත් එහෙම ඉන්න පුළුවන්නම් ගොඩක් හොදයි තේරුම් ගන්නැති අය අතරේ ඉන්නවට වඩා.ඒත් කවුරු හරි ඉදීවි ඔයාව හරියට තේරුම් ගන්න කෙනෙක්.ඒ කෙනාට සමීප වෙන්න උත්සහ කරන්න..................

නුඹ මා සොයුරා වැනි...


මතකයි එදා අත් අල්ලා
ගුරු පාර දිගේ පිය මැන්නා
හිඹුටු දිඹුටු කඩා ගෙනත්
දොඔ ගහ යට රස වින්දා
ඔබයි සැම විට මට සෙවණ වුණේ
මගේ ළග රැදී හොදම මිතුරා ලෙස
දෙමාපියන් සොයුරන් නැති මා හට
සැම විට ආදරය කළේ....
ඔබ මට හමුවුණ අවසාන දිනේ
දුටුවා ඔබේ කදුළු ඇසේ
රට රකින්න ගිය නුඹ......
කිසිදා නෑ මා දුටුවේ
රට රකින්න දෑස් අග කදුළු පුරවාගෙන හද පිරි සෙනෙහස දෝර ගලා තාරුණ්‍යය හැරදා ගිය නුඹට සම්මා සම්බුදු සරණයි....!
ඔබ ආදර..
සුදු නංගා..

කුලය නම් රැහැන...

සැදෑ අහසේ හිරු බැස යන හෝරාවේ
ඇගේ තෙලිතුඩින් ඒ අහස සිත්තම් විය
අහසේ කොනක සිට නෙත් යොමා සිටි ඔහු
ඇය වෙත පියඹා එන්නට සැරසුණත්
කුලය නම් රැහැන් පටින්
දෙදෙනා දෙපස බැද ඇත....

ඉඩෝරය

ශෝකය නම් නියගයෙන්
ඉරිතලා වැටුණු හදට
ආලය නම් වර්ෂාවෙන්
ප්‍රාණය ලබා දුන්
නුඹ බටහිර අහසේ
ගිලී යන හිරු සේ
මගෙන් ඈත් වන
හැම තත්පරයකම
නැවතත් ඉඩෝරය උදා වේවිදෝ
මා හද හඩනගා අසයි.....

සිතුවේ....

සිනාසෙන්න ට සිතුවේ අඩන්නට දුක වැඩි නිසාය
කියන්නට සිතුවේ දරාගන්න බැරි නිසාය
එහෙත් සිනාසෙන්නට කියන්නට
ඔබ මා හැරදමා ගොස්ය
ආයෙත් දිනක ඔබ හා සිනාසෙන්න කියන්න ඔබ එයි නම්
එදින එනතුරු දුක සගවාගෙන
යලිත් වරක් එක්වෙන්න
ඔබ දුන් පලදනාව ඇත තව සුරැකිව

වැළපෙමි....

වැළපෙමි සැමදා ඔබ එනතුරා
පැතු දහසක් දේ වියැකී ගියා
සොදුරු සිහිනය බොද වී ගියා
ඔබගේ සොදුරු කතා
ඔබ මැවූ ඒ සිහින මාලිගා
සිහිනයක් වූයේ කෙලෙසදයි මා හද තවම සොයයි....

අපරාජිතයි!

වරක් තරගයකට ඉදිරිපත් වූණෙමි
එයට දැඩිව කැප වුණෙමි
නමුත් යමක් නිසා පරාජිත වුණෙමි
එහෙත් ඒ පරාජය මගේ ජයග්‍රහණයේ මාවත විය
පියවරෙන් පියවර ඉදිරියට ගොස්
ආපසු හැරී බැලුවෙමි
ඒ පරාජය මට මෙතරම් උපකාර කර ඇත
එබැවින් එය පරාජයක් නොව දිනුමකි
මම සැමදා අපරාජිතයි!..

වැඩියෙන් දුක් වන තැනැත්තා

සුසුමකින් ළය සැහැල්ලු කරගෙන
සැදෑ අහස වෙත නෙත් යොමු කළෙමි
තරු කැට එක දෙක පායා එද්දී
ඒ තුළ ඇති දීප්තිය කොතරම්
දුක් කන්දරාවක් දරා සිටී ද යන්න මට හැගිණි
සතුට තුළ දුක සැගවී ඇත
වැඩියෙන් සතුටු මුහුණින් සිටින්නේ
වැඩියෙන් දුක් වන තැනැත්තායි...

සද ඇති රැයක

සද ඇති රැයක සද මෝදු වන හැටි
එයින් නැගෙන මිහිරියාව බලන
ඈත දුරක රැදුණු සුන්දර සිහිනයකට
කවි පෙළක් මැවෙන්නට විය
නමුත් එක් දුක්බර මොහොතක
ඒ මිහිරියාව වියැකෙන විට
මගේ හිතට පාළුවම උරුම විය

 

Usage Rights

DesignBlog BloggerTheme comes under a Creative Commons License.This template is free of charge to create a personal blog.You can make changes to the templates to suit your needs.But You must keep the footer links Intact.