කියම් කෙසේ

ආල‍ය කළේ නුඹේ හදට මිස රුවට නොවේ....
එය ඔබට නොදැනේ නම් ආලය කරමි කෙසේ...
පැතු පැතුම් සේරම අහවර කරමි මෙසේ....
මගේ ආලය මුලාවක් නොවන බව කියමි කෙසේ.....

කිසිවෙකුට නොවේවා මෙවැන්නක්!!



ඔන්න සතියකට පස්සේ මේ පැත්තට ගොඩ වැදුණා.බ්ලොග් එක දිහා නිකමටවත් බැලුවේ ඊයේ.මොකෝ දහම් පාසල් තරගවලට පාඩම් කලානේ.පාඩම් කරා කිව්වට මොකද තරගේ අදයි කියලා තමා පොත බැලුවේ‍.ඒකත් හරි කියමුකෝ දැන් ඉතින් පුරුදු විදිහට කවියක් දානවා.......




සිත කොනක සැගවෙලා
ඉගි බිගි පෑ හදක්
නෙත් කොනක සැගවෙලා
සිතට දුක් කදුළක්
නුඹ රහසේ සැගවෙලා
හිතට ලොකු දුකක්

එදා නුඔ මා පතමින්
මගේ හද විමසූවා
නුඔ ගැන පතමින්
මම හද පිදුවා
අද නුඹ සොයමින්
හද ගැඹුරෙහි දිව්වා
නුඹේ ඡායා ඇත නුඹ නොමැත
මා හද පැවසූවා

ලස්සන සිහින වලට මුලා වෙලා ජීවිත නැති කරගන්න  කලින් ආදරයට සමු දෙන්න....

එපා දුරස් වෙන්න......


ජීවිතයේ හැම දුකක්ම සතුටක්ම
ඔබ ළගට වී තුරැළු වී විදගන්න
නු‍ඹේ ඔය පපුවට තුරුළු වෙලා
හද ගැස්ම යටින් පැතු පැතුම්
නුඹ පහලට හෙලන හුස්ම පොද
යට සැගවෙලා තුරුළුවෙන්න
එපා නුඹ මීදුමේ සැගවෙන්න
එන්න මට සීතලට ළං වෙන්න..........

හැන්දෑව

7 කොටස
"ඔයාලට මං නිසා ගොඩක් කරදර වුණා නේද?"දේදුනු බයාදු ලෙස ඇසුවාය.
"යාළුවෝ කියන්නේ මොනාටද එහෙනම්.හ්ම්"අකිල ඇසුවේය.
"ඒත්..."දේදුනුට කතාව අහවර කර ගත නොහැකි විය.
"ආය මොකුත් කියන්න එපා..අපි දැන් ගෙදර යමු"අමා කීවාය.
"බුදුසරණයි කට්ටියටම පරිස්සමෙන් යන්න"යොහාන් හා අකිල සමුදෙමින් කීහ.
"ඔයාලටත් බුදුසරණයි!"අමා හා දේදුනු සමු ගත්හ.
අමා හා දේදුනු නිවස කරා එන අතරතුරද සිද්ධිය ගැන කතා කළහ.
"මට නම් මේ හැම‍ දේම එපා වෙනවා අමා.."දේදුනු කලකිරුණු ස්භාවයෙන් කීවාය."එක වෙලාවකට හැමදේම අතහැරලා කොහේ හරි යන්න හිතෙනවා"
"පිස්සු කියවන්න එපා දේදුනු අපි ඔයාට ඉන්නවනේ"තම මිතුරිය අහිමි වේයැයි කියන දුකින් හට ගත් කෝපයෙන් අමා කෑගැසුවාය.
"මම ඔයාලා නිසා තමයි ඉවසන්නේ අමා.මම ගෙදරින් ගියොත් පබෝ තනි වෙනවා"
"හරි දේදුනු ඔයා කලබල නොවී කාලෙට ඉඩ දෙන්න"අමා කීවාය.
"හොදයි මම යනවා අමා"දේදුනු නිවසේ කඩුල්ල පනිමින් කීවාය.
ඊළග මොහොතේ ඇය බිය වුයේ නිවස ඉදිරිපිට සිටින අය දැකීමෙනි...........................................
"උඹ ටික දවසක ඉදන් වෙනස් වෙලා "යොහාන්ගේ අයියා නිඛිල කීවේය."මොකක් හරි ප්‍රශ්නයක්ද?"
"නෑ මොකුත් නෑ අයියේ.."යොහාන් කීවේය.
"මේ බොරු කියන්න එපා.ඔයා පොඩි කාලේ ඉදන්ම ප්‍රශ්නයක් තියනකොට කියන්නේ නෑ මොකුත් නෑ කියලා.කියනවා කියනවා.."නිඛිල ඇවටිලි කරන්නට විය.
"මම අර කිව්වේ දේදුනු කියලා....."යොහාන්ට කතාව අවසන් කර ගත නොහැකි විය.
"ඉතින් අහනවා...."නිඛිල යොහාන් ‍ගේ පිටට තට්ටුවක් දැම්මේය.
"ඒත් එයාට ගෙදරින් ප්‍රපෝසල් එකක් තියෙනවා"යොහාන් සුසුමක් හෙළුවේය.
"කෙල්ල ඒකට කැමතිද?"නිඛිල ප්‍රශ්නය වටහා ගනිමින් කීවේය.
"නැහැ.ඒ මදිවට කෙල්ලගේ නංගි මට මළ ඇණයක් වෙලා"යොහාන් කීවේය.
"මම ඩොක්ටර් කෙනෙක් උණාට ඕවට බෙහෙත් මං ළග නෑ..ඔයා අහන්නකෝ ඊට පස්සේ වෙන දේකට මුහුණ දෙමු"නිඛිල කියන්නට විය...........................................
"ආ.... අපි බලන් හිටියේ කුමාරි හාමි වඩිනකම් තමා"බිනූ දේදුනු එන විටම කෑගැසුවාය.
"ඔය එන්නේ ආරංචියි අද වෙච්ච දේ අර අසරණයට ගහල පව් දෙයියනේ ඌ මොන වරදක් කලාටද?"දේදුනුගේ මව කැගැසුවාය.
"කුමාරට කවුරුත් ගැහුවේ නෑ.ඊටම මම කියන විදිහේ දෙයක් කලෙත් නෑ"දේදුනු මෙසේ කතා කළ පළමු දවස විය.
"අපි දන්නෑනේ දැන් නෝනා ලොකුයි කියලා..මේ ඕවට මාත් එක්ක එන්න එපා හරිද?"මව බෙරිහන් දෙන්නට විය................


නපුරු ඇස් දෙක

ඔය නපුරු ඇස් දෙක
වෙනස් නොවන තද හිත
මගේ හදට ළං වුණේ
මං ඔය හදට බැදුණේ ‍
කෙලෙසදෝ මම තවම විමසමි.....

හැන්දෑව

6 කොටස
"මම මේ ගැන දේදුනුට කියන්න ඕන"
"හරි ළමයිනේ අපි පුස්තකාලෙට යමු අපේ ප්‍රොජෙක්ට් එක කරන්න"යොහාන් නිහැඩියාව බින්දේය.
"ලේඩිස් ෆ(ර්)ට්.එහෙම නේද?"අකිල අමාට සහ දේදුනුට ඉදිරියට ආරාධනා කළේය.
"ඔව් ඉතින් පිරිමි දන්නේ පස්ස ගහන්නනේ"අමා කියන්නට විය.
"මේ..මේ..ඕවට විතරක් එන්න එපා හරිද?"අකිල කියන්නට විය.
"ඇයි ඔයා මොනා කරන්නද?"අමාද නෝක්කාඩුවට කියන්නට විය.
"ඔන්න ඉතින් දෙන්නා පටන් ගත්තා" දේදුනු කීවේ හිනැහෙමිනි.
"ඇති යන්තම් හිනා වුණා.."යොහාන් කීවේය.
පහත් හඩින් සිනාසුනු දේදුනු බිමට හිස හරවා ගත්තාය.
"ඔන්න ආවා"පුස්තකාලයට පැමිණි අමා කීවාය.
ඔවුන් පුස්තකාලය වෙත ගොස් පොත් සොයන්නට විය.නොයෙක් දේ පහත් හඩින් මුමුණමින් ඔවුන් මේසය වටා රොක් වූහ.
"ආ අකිල!දැක්ක කල්"අකිලගේ පැරණි මිතුරෙකු ආවේ මෙවිටය.
"ඉතින් මචං කොහොමද ජීවිතේ" අකිල තම මිතුරාගෙන් ඇසුවේය.
"වරදක් නෑ.ඒක නෙවේ අර ඔයාගේ නංගිද?"ඔහු ඇසුවේ දේදුනු දෙස අත දිගු කරමිනි.
"පිස්සුද?එයා මගේ යාළුවෙක්"අකිල කීවේය.
"නිවුන්නු වගේනේ නැද්ද යොහාන්?"ඔහු යොහාන්ගෙන් ඇසුවේය.
"සීයයට අනූනවයක් විතර.මොකද මුගේ කටනම් නෑ"යොහාන්ගේ කතාවට අනෙක් අය පහත් හඩින් සිනාසුනහ.
"හරි මං යනවා මචං.මට වැඩ වගයක් තියනවා කරගන්න"ඔහු කීවේය.
"හරි එහෙනම් බුදු සරණයි!"අකිල කීවේය.
"අපිත් යමු නේද?"අමා ඇසුවාය.
ඔවුන් අවශ්‍ය පොත් රැගෙන පුස්තකාලයෙන් එළියට ආහ.
"ආ දේදුනු තමුසේ කාත් එක්කද මේ රවුම් ගහන්නේ?"නොසිතු ලෙස කඩා පහත් වුණු කුමාර දුටු දේදුනු බිය වූවාය."තමුසේ එනවා මාත් එක්ක යන්න"ඔහු දේදුනුගේ අතින් අදින්නට විය.
"මේ මේක ටවුම ඔහේ ඔය වගේ වැඩ කරන්න එපා"දේදුනු කෝපයට පත්ව සිටියාය.
"අනෙක මේ පැත්තට වත් එන්න එපා"අමාද කෝපයෙන් කෑගැසුවාය.
"ඔයාලා පැත්තකට වෙන්න අපි මේක බලා ගන්නම්"යොහාන් සහ අකිල කුමාර ළගට ගොස් මොනවදෝ කියන්නට වූහ.කුමාර ඔවුන් දෙසට ඔරවා යන්නට ගියේය.
"මං නිසා ඔයාලටත් ප්‍රශ්න"දේදුනු හඩමින් අසල තිබූ බංකුවක වාඩි වූවාය.
"කමක් නෑ"යොහාන් ඇය දෙස බලමින් කීවාය.
ඇය යොහාන් දෙස බැලුවාය.ඔහුගේ දෑසේ මිත්‍රශීලි බවක් ගෑවී ඇතැයි දේදුනු සිතුවද ඊට වැඩි යමක් ඈ දුටුවේ නැත.
"මම මේ ගැන දේදුනට කියන්න ඕන"යොහාන් සිතුවේ එයයි.

ජාති භේද??

නුඹේ එය රුව දකින්නට මට අවසර නැතිදෝ...
කළු සේද පටලයකින් නු‍ඹේ එය රුව වසා ගත්තේ
නුඹව කවුරුත් දකී කියාදෝ........
ඔබ මා දෙස ඉගිකලත් අප ළං නොවන බව නොදනීදෝ....
ජාති භේද ඇතත් අප සැම මිනිසුන් බව නොතේරෙන ලොවක
නුඹ ඉගිපාන්නේ කිමදෝ.......
කුමරියනි කිමදෝ....

මෙහෙම කරන එක හොදද?

ජීවිතය කියන්නේ එක විදිහක දුකක්..මම හරි නේද?
මේ කතාව ගොඩාක් කාලෙකට ඉස්සර වෙලා වෙච්ච දෙයක්.මම හිතන විදිහට අවුරුදු තුනකට ඉස්සර වෙලා.ගොඩාක් දුක හිතෙනවා...මොකද කෙනෙක් තමන්ගේ ජීවිතේ නිස්කාරණේ නාස්ති තරගත්ත නිසා.
කතාව පටන් ගන්නේ මෙහෙමයි.
එක කොල්ලෙක් හිටියා.එයා හරි දක්ෂ කෙනෙක්.සාමාන්‍ය පෙළ හොදට සමත් වෙලා උසස් පෙළ හදාරන්න ලෑස්ති වුණා.එයාගේ යාළුවෝ හැමෝටම කෙල්ලෙක් හිටිය නිසා එයත් යාළුවෙන් කෙල්ලෙක් හෙව්වා.එක ලස්සන කෙල්ලෙක් එයා දැක්කා.එයා දක්ෂයි වගේ මොකද පන්තියේ පළවෙනියා වෙලා රැස්වීමේ ඉස්සරහටත් ආවා.ඉතින් මෙයා එයාට තමන්ගේ හැගීම කිව්වා.එ‍් කෙල්ල එයාට කැමති වෙලා යාළු වුණා.කොල්ලත් ලස්සනයි.ඒ වගේම පෝසත්.කියන්න අඩුපාඩුවක් තිබ්බේ නෑ.ඒත් ටික දවසක් යනකොට කෙල්ල වෙන කොල්ලෙකුට කැමති වෙලා මෙයාව අතහරින්න හිතාගෙන ලියුමක් ලිව්වා.ඔයා මට වැඩිය වයසින් වැඩියි ඒ නිසා අපි මේක අතහරිමු කියලා.මේක දැක්ක ගමන් කොල්ලා රත් වුණා.මොකද තමන් ඇත්තටම ආදරේ කරපු කෙනා මෙහෙම කරනකොට මොන දෙයියන්ට කියන්නද?එයා හොදටම ඇඩුවා.පුළුවන් තරම් හයියෙන්.ඊට පස්සේ කෙල්ලගෙන් ඒ ගැන ඇහුවා.එතකොට කිව්වෙත් ඒක.එයාට හුගක් දුක නිසා විභාගේ නොකර රට යනවා කියලා කෙල්ලට කීවා.කෙල්ල නෙවේ ගණන් ගත්තේ.එහු විභාගය නොලියා හිටියා.රට ගියෙත් නෑ.අනතිමට රස්සාවත් නෑ.මේක කොයිතරම් අපරාදයක්ද නේද?

බැහැ....



පද පෙළක මිහිරියාව
හොර රහසේ විදගන්න
නු‍ඹේ කනට කෙදිරුවත්
සිනහවකින් ළං කරන්න..
සිතුවත් හැමදෙය
බැහැ අපට ළං වන්න
නුඹ සොදුරු වුණත්
ඔබ සොයා ආවත්
බැහැ බැහැ මට
නොගැලපෙන ඔය හද
ළංකර තුරුළු වෙන්න....

හැන්දෑව

"මේ දේදුනු පුළුවන් නම් හැමදාම අපිට බත් ගේන්නකෝ"අකිල කීවේය.
"ඕන නම් ගේන්නම්"දේදුනු කීවාය.
"අනේ විහිළුවට කිව්වේ අපි අනිත් දවස් වලට කෑම ගේනවා"යොහාන් කියන්නට විය.
"ආ ගණන් ගන්න එපා අපි ඕන නම් ගේන්නම්"අමා කීවාය.විහිළු තහළු මැද ඔවුන් ආහාර ගෙන අවසන් වූහ.පන්තිය දිවා ආහාරයෙන් පසු ආරම්භ විය.
"හොදයි ළමයි මම ඔයාලව කණ්ඩායම් වලට බෙදනවා.ඔයාලා අනිත් සතියේ මම දෙන ප්‍රොජෙක්ට් එක කරන් එන්න ඕන."ගුරුතුමිය කීවාය.වාසනාවටදෝ කොහෙද දේදුනු,අමා,යොහාන් සහ අකිල එකම කණ්ඩායමට හසු වූහ.ඒ නිසා පන්තිය අවසන් වී ඔවුන් පැමිණියේ කතා බහ කරමිනි..
එක්වරම ගැහැණු ළමයෙක් යොහාන්ගේ ඇගේ වැදුණි.
"සොරි අයියා වැරදීමක් උණේ"ඈ ආකර්ෂණීය සිනා රැල්ලක් ඔහු වෙත මුදා හැරියාය.
"බිනූ"දේදුනු කොදුරන හඩත් සෙමින් යොහාන් අසලින් අයිවන බවත් යොහාන්ට පෙනුනි.
"අනිත් දවසට බලාගෙන පාරේ යන්න"යොහාන් කීවේ කිසිම විදිහකින් ඇය ගණන් නොගනිමිනි.
"එක එක කොල්ලන්ගේ ඇගේ හැප්පෙන්නේ බලාගෙනයි."අකිලද යොහාන්ගේ සහයට කතා කළේය.
මුහුණ නරක් කරගත් බිනූ පන්තිය වෙත දිව ගියේ හඩමිනි.
"මොනාද අයියේ ඔයාලා කරේ"බිනූගේ යහළුවෙකු ඇසුවාය.
"ඇයි නංගි අපි කියපුවා වැරදි ඇයි?"අකිල විමසුවේය.
"එයාගේ හිත රිදෙන්න ඇති"ඇය නැවතත් කීවාය.
"ඒ මොකද ?"යොහාන් ඇසුවේ කාරණය වටහාගෙන තරහිනි.අනෙත් අයටද කාරණය වැටහෙමින් තිබුණි.ඉන් වැඩියෙන් බියට පත් වූයේ දේදුනුය.තමා යොහාන් සමග කතා කරනවා දුටුවහොත් ගෙදරින් විසදුම් නැති බව ඇගේ සිහියට එන්න ගියේ තත්පර කිහිපයකි.අමාද තත්වය මැනවින් වටහාගෙන තිබුණි.
"ඇයි අයියේ එයා ඔයාට කැමතියිනේ"ඈ කියන්නට විය.
"මේ නංගී ඉගෙනගන්න කාලේ ඉගෙන ගන්න.අපි නම් විභාගේ ලියලා.ඔයාලා තාම පොඩියි නේද?"යොහාන් කීවේය.
"නංගී වැරදියට හිතන්න එපා ඒ උණාට ඔයාලා ඉස්සර වෙලා ඉගෙනගන්න" අකිල කීවේය.
"අපෝ හරි කට්ටිය"ඈ කෝපයෙන් ගස්සා ගියාය.
"දේදුනු මොකද බයවෙලා"යොහාන් බියට පත්ව සිටි දේදුනුගෙන් ඇසුවේය.
"එයා මෙයාගේ නංගී"අමා කීවාය.
සියලු දෙනා අතර ඇති වූයේ නිහැඩියාවකි.
"අපි ඕක අමතක කරමු"අකිල අවසානයේ කීවේය.මෙය කරදර ගොඩක ආරම්භය බව නම් දේදුනු දනී..

සීත කදුළු......

මේ සිංදුව ලීවේ රුවන් අයියා මට සිංදුවක් ලියන්න කිව්ව නිසා.ඒ නිසා එයාට ගොඩාක් ස්තූතිවන්ත වෙනවා..
සීත කදුළු මා හදේ ගලාවී
නුඹේ නමින් මා තවම හඩාවී
වසන්තයේ තව මල් පිබිදේවී
නුඹ නැතිවම මට පාළු දැනේවී.......

මා විදිනා දුක් නුඹට දැනේදෝ
නුඹ වෙනුවෙන් මා තවම අඩාදෝ
සුරතලියේ නුඹ යලි පැමිණේදෝ
නැතිනම් මට දුක තුරුළු වේවිදෝ.....

හද පවසන රහසක මං තනි වූවා
නුඹ ගැන අද මට සිහි වූවා
නුඹේ සිනා මා හද ළං වීලා
කියූ රහස් දැන් බොදවීලා........

තනිකම මට තුරුළු කරලා
මැදියම් රුයක නුඹ වෙන්වූවා
තවමත් මං එහි තනිවීලා
සොදුරු අතීතය අද බොදවීලා.......

සීත කදුළු මා හදේ ගලාවී.....

ගං තෙරේ..........

වැසි වැටෙන අමිහිරි රැයක
ගත දැවටෙන සිසිල දරාගෙන
අන්තිම මොහොතත් ඒ දෙස බලාගෙන
නුඹ එනවාදෝ සිත ඇසුවා...

වයලීනයේ නිහඩ රාවය
සිත තව තවත් දුක් විය
නැහැ නුඔ  තවත්
සිත ඇසුවා.................

ගං තෙරට නෙත් යොමා
දෙනෙත් කදුලින් බොද වුණා
සිතට දුක දී ඈ ..........
ගං පතුලේ සැගවුණා.....

               Dil...........

කරනු බැහැ......

                 මග හැරියේ නුඹව බැහැ ම‍ට හිත රිදවන්න
                  නුඹ හද මෝරන මා ගැන ආලය
                  කෙතරම් සොදුරු වුවත් බැහැ දැන් පිළිගන්න
                 බැහැ මට දුක් දෙන්න කෙලෙසවත් එය පිළිගන්න
                 මා හදට බර වැඩි වචනය බැහැ මට තුරුළු කරගන්න
                 සමාජය විෂමයි බැහැ මට පැරදෙන්න
                 ඒත්............................................‍
                 අහිංසක නු‍ඹේ දෑස් දුටු විට හිත රිදෙනවා සත්තයි...!
                ඉතින් මා නුඹ මග හැර නුඹට දුක් දෙන්නේ ඒ නිසයි...
                          Dil.....

අවසරදෝ



                                         ලන්තෑරුම අත දරා පියනගමි
                                         අදුරු අහසේ නොපෙනී ගිය
                                              මල් සුවයක් සොයා
                                                 ඒ සුවද සිපගන්න
                                        නැවත ඔබ හා එක් වන්න
                                    අවසරදෝ ඔබෙ හිතට ගොඩවන්න.....
                                                      ....Dil......

හැන්දෑව

4.කොටස
"ඔයා හරි දක්ෂයිනේ..."
දේදුනු එසේ සිතමින් නිදි දෙව් දුව තුරුළේ සැතපුණාය.
පසුදා උදෑසනම සතුටු සිතින් අවදි වූවත් ඒ සතුට සේදී ගියේ පෙරදා සිදුවූ සිදුවීම් සිහියට නැගුණු හෙයිනි."හ්ම්.."ළය සුසුමකින් සැහැල්ලු කර ගන්නා අතර ඇගේ මුවින් නික්මුණි.දේදුනු උදෑසන ආහාරය සකසා බත් මුල් දෙකක් බැන්දේ අසරණයෙකුට දීම සදහාය.ඇය පුරුද්දක් වශයෙන් එය කලත් මව දැන ගතහොත් මුහුණ දීමට වෙන අකරතැබ්බයද ඈ හොදින්ම දැන සිටියාය.
පොලොස් මාළුවත්,තලපත් මාළුත්,මඤ්ඤොක් කොල මැල්ලුමත්,කිරි හොද්දෙනුත් බත පිරි තිබුණි.කෙහෙල් කොළ කපාගත් ඈ බත් දෙක බැද මල්ලට දමා ගත්තාය.මුහුණ සෝදා ආහාර ගෙන පොත පතේ වැඩ නිම කළ ඈ අමා හමුවීමට ආවාය.
"ආ!අද උදේම කොහේ යන්නද?"අමා විමසුවාය.
"ඇයි අමා පන්ති යන්නැද්ද?"ඈ විමසුවාය.
"දෙවියනේ අමතක උනා.ඉන්න මම තත්පරෙට එනවා."අමා සුදානම් වීමට ගේ තුළට ගියාය.
"ආ...දේදුනු දුව ඔන්න අද නම් තේ එකක් බීලම යන්න ඕන.හැමදාම ආවට කවදාවත් තේකක් බොන එකක්යැ."අමාගේ මව ඇයට කීවාය.
"මටත් මේ වගේ අම්ම කෙනෙක් හිටිය නම්"ඈ නෙතට ආ කදුළු වැරෙන් සගවා ගෙන තේ උගුරක් බීවාය.
"අපි යනවා අම්මා."අමා කාමරයෙන් එළියට පැමිණියේ කෑගසාගෙනය."අපි යමු."දේදුනුත් අමාත් නිවසෙන් එළියට බැස පාරට ආහ.
"අන්න අර නරුමයා එනවා.හොද වෙලාවට බස් එකක් එනවා අපි නගිමු."අමා කීවේ කුමාර එනු දැකයි.ඔවුන් කෙසේ හෝ කුමාරව මග හැර බසයට නැග ගත්හ.
පන්තිය වෙතට එන විට ඔවුන්ට දැකගත හැකිවූයේ යොහාන් සහ අකිල සිටින අයුරුයි.
"ගුඩ් මෝනින්"ඔවුන් මේ දෙදෙනාව පිළි ගත්හ.
"ගුඩ් මෝනින්"අමා හා දේදුනු කීහ.
පන්තිය පටන් ගත් බැවින් ඔවුන් පන්තිය වෙත ආහ.දවල් කෑම වන තුරු ඔවුන්ට වචනයකදු කතා කිරීමේ අවස්ථාව නොලැබිනි.
යොහාන් හා අකිල දවල් ආහාරය නොගන්නා බව දුටු අමා ඔවුන්ට කතා කළාය.
"ඔයාලා කන්නේ නැද්ද?"අමා ඇසුවාය.
"අයියෝ මට කෑම ගේන්න බැරි වුණානේ ඒක නිසා දෙන්නම බඩගින්නේ".යොහාන් දුක්බර ස්වරූපයක් මවාගෙන කීවේය.
"මගේ ළග තව බත් එකක් තියෙනවා."දේදුනු කීවාය.
"මම මේ අහන්නේ දේදුනුට දිවැස් එහෙම තියෙනවද?"අකිල ඇසුවේය.
"අනේ නෑ මම කාට හරි දෙන්න කියලා හැමදාම බත් එකක් ගේනවා."ඈ කීවාය.
"ඔව් ඉතින් මෙයා අසරණ සරණනේ"අමා කීවාය.
"ඔන්න අද ඔයාගේ බත් මුලට වග කියන අසරණයෝ දෙන්නා අපි"යොහාන් බත් මුල දිග හරින්නට විය.
"ඔයාලගේ ගෙදර මගුල් ගෙයක්වත්ද?"යොහාන් පුදුමයෙන් අසන්නට විය.
"අනේ නෑ මම නිකමට ඉව්වේ"දේදුනු කීවාය.
"හරි රසයි "කටක් කෑ අකිල කීවේය.
"ඔයා හරි දක්ෂයිනේ"යොහාන් කීවේය.





හද ගැස්ම

 පුන් සද මෝරන රැයක
මා අසල දැවටුණු හද ගැස්ම
සිහිවෙයි ඒ සිහිනය
සුදු සේළයක පාවෙන විලස
බිදී යන කැඩපතක් විලස
බිදුණු ඒ හද ගැස්ම
සිහිවෙන හැම මොහොත
නෙතට කදුල උරුම විය...
බිදී ගිය හද ගැස්ම තුරුළු කර නිදන්නට වෙර දරන මම දිල්

ජීවිතය මට දැනෙන විදිහ...

ජීවිතය කියන්නේ හරිම පුදුමාකාර දෙයක්.ඒක තේරුම් ගන්න එක තමා බොහොම අමාරු.මොකද එක වෙලාවකට ජීවත් වෙන්න ඕන .තව වෙලාවකට ජීවත් වෙලා වැඩක් නෑ.එහෙමයි අපි හිතන්නේ.ජීවිතය පුරාම අරමුණු තියෙනවා.හැම අරමුණක් ම වගේ හැගීම් මත පදනම් වෙච්ච ඒවා.අතීතය අපේ ජීවිතයේම කොටසක් විදිහට නිතරම ළගින් ඉන්නවා.මම හිතන්නේ මිනිස්සු සතුටට වඩා දුක සිහි කර කර අමුතුම රස වින්දනයක් ලබනවා.මම කියන්නේ දුක සිහිපත් කරලා සතුටු වෙනවා කියලා නෙවෙයි.ඒත් දුක මතක් කරන්න ගොඩක් අය කැමතියි.ජීවත් වෙලා ඉන්න අපිට හැමදාම තියෙන්නේ මේ වෙනස් වෙන තැන එහෙමත් නැත්නම් හිත.අපි හැමදේම කරන්නේ අපේ හිතෙන්.අපිට කරන්න පුළුවන් හොදම දේත් නරකම දේත් කරන්නේ අපේ මේ හිත.ජීවිතයේ පුරාවට ලැබෙන හැම දේම හිත් කොනක හැංගිලා ඉන්නවා.කාටවත් කාගෙවත් හිත් කියවන්න බෑ.ඒ නිසා මේ ලෝකේ ගොඩක් අය අනිත් අයව වැරදියට තේරුම් ගන්නේ.එයාලගේ සිතුවිලි කොච්චර ලස්සන උනත් අවංක වුණත් ඒ අයව තේරුම් ගන්නෑ.ගොඩක් ම දුක අපි ආදරය කරන අය අපිව තේරුම් ගන්නේ නැති උනාම.මොකද වෙලාවකට මගේ හොදම යාළුවාට මම එයාට හොදක් කීවම එයාට තරහ යනවා.තනියම ජීවත් වෙන්න බැරි වුණත් එහෙම ඉන්න පුළුවන්නම් ගොඩක් හොදයි තේරුම් ගන්නැති අය අතරේ ඉන්නවට වඩා.ඒත් කවුරු හරි ඉදීවි ඔයාව හරියට තේරුම් ගන්න කෙනෙක්.ඒ කෙනාට සමීප වෙන්න උත්සහ කරන්න..................

නුඹ මා සොයුරා වැනි...


මතකයි එදා අත් අල්ලා
ගුරු පාර දිගේ පිය මැන්නා
හිඹුටු දිඹුටු කඩා ගෙනත්
දොඔ ගහ යට රස වින්දා
ඔබයි සැම විට මට සෙවණ වුණේ
මගේ ළග රැදී හොදම මිතුරා ලෙස
දෙමාපියන් සොයුරන් නැති මා හට
සැම විට ආදරය කළේ....
ඔබ මට හමුවුණ අවසාන දිනේ
දුටුවා ඔබේ කදුළු ඇසේ
රට රකින්න ගිය නුඹ......
කිසිදා නෑ මා දුටුවේ
රට රකින්න දෑස් අග කදුළු පුරවාගෙන හද පිරි සෙනෙහස දෝර ගලා තාරුණ්‍යය හැරදා ගිය නුඹට සම්මා සම්බුදු සරණයි....!
ඔබ ආදර..
සුදු නංගා..

අනෝරා වැහි...


පිනි වැටෙන සීතල සැන්දෑවක
ඔබගේ උණුසුම විද ගනිමින්
හෙළු ඒ සුසුමන්
වැහි ඇද වැටෙන රැයක
මා හැරදා ගොසින්ය...
ඒ දුක සේදීමටදෝ මේ
අනෝරා වැහි ඇද වැටෙන්නේ....

හැන්දෑව.

මට මොනා වෙයිද දන්නෑ.

3 කොටස
"මොකක් ගැනද ඔයා කියන්න හදන්නේ?"හැඩුම අතරින් ඇය ඇසුවාය.
"දේදුනු ඔයා පොරොන්දු වෙන්න හිත නරක් කරගන්නෑ කියලා."පබෝ කිවාය.
"හරි මං පොරොන්දු වෙන්නම් ඔයා කියන්නකෝ."ඈ කීවාය.
"කුමාර ආවේ ඔයා ගැන අහන්න"පබෝ කියන්නට විය.
"මං ගැන?"ඈ පුදුම වූවාය.
"ඔව් අම්මා කැමති වුණා.එයා කියපු දේවල් මම කියන්න ඕන නෑනේ"
"අම්මා කොහොමද එහෙම කරන්නේ මම කොහොමද ඒ අමුනුශ්‍යත් එක්ක ජීවත් වෙන්නේ?"ඇගේ හැඩුම වැඩි විය.
"දේදුනු කෑගන්න එපා.ඔයා දන්නවනේ මම කතා කරන්නෑ කියලා.එයාලා ආවොත් මට මොනා වෙයිද?"පබෝ බියෙන් තෙලපුවාය.
"සමාවෙන්න.පබෝ ඒත් මම දරාගන්නේ කොහොමද?"දේදුනු කදුළු පිරි හිස් බැල්මක් හෙළුවාය.
"ඔයා මට පොරොන්දු වුණා හිත කලබල කරගන්නෑ කියලා."
"හරි මං අමාට කතා කරලා එන්නම්"
"ඔය කදුළු පිහිදන් යන්න"පබෝ කීවාය.දේදුනු යන අතර පබෝ මෙසේ සිතන්නට විය.මේ කෙල්ලට කොච්චර නම් දුක් විදින්න වෙනවද?ඒත් එයාට මම කොහොමද කියන්නේ එයාගේ ඇත්ත දෙමාපියෝ ගැන...පබෝ සුසුමකින් ළය සැහැල්ලු කර ගත්තාය.
දේදුනු අමා‍ හා වෙලට ආවාය.
"අමා මේ වෙලාවේ කරදර කළාට සමාවෙන්න ඕන.ඒත් මම වැටිලා ඉන්න තත්වේ ගැන මට ඔයාට කියන්න ඕන."ඈ කීවාය.
"මොකක්ද දේදුනු ප්‍රශ්නේ"ප්‍රශ්නය බරපතල බව ඉවෙන් මෙන් වටහා ගත් අමා ඇසුවාය.
"මේකයි......"ඈ තම ප්‍රශ්නය අමා ඉදිරියේ දිග හැරියාය.
"දේදුනු ඔයාලගේ අම්මට හිතක් පපුවක් නැද්ද?මේ වගේ අපරාධයක් කරන්න තරම්"අමා කෝප වූවාය.
"මම දන්නෑ අමා.මට මොනා වෙයිද කියලා.මට වෙලාවකට හිතෙනවා එයාලා මගේ දෙමාපියෝ නෙවෙයි කියලා.පබෝ විතරයි මට ආදරේ කරන්නේ.ඔයයි පබෝයි නැත්තම් අද මට මොනා වෙයිද දන්නෑ"දේදුනු කළකිරි සිටියාය.
"අසුභ කතා කියන්නෙපා දේදුනු..අපි හැමදාමත් උඹට ඉන්නවා කියලා මතක තියා ගනිං"අමා දුකින් කීවාය.
"මම දන්නවා..ඒත් මොනා කරන්නද මංදා අමා .මම දැන් ගෙදර යන්නම්"‍
"ඔයා ඔය ගැන වැඩිය කල්පනා නොකර කාලෙට ඉඩ දෙන්න"
"හොදයි මම යන්නම්" දේදුනු නිවසට එන්නට විය.
පාඩම් පොත අතට ගත්තත් හිත අවුල් නිසා ඇයට කිසිවක් හිතට ආවේ නැත.රාත්‍රි කෑම පිසූ ඇය නිදන්ට ගියත් නින්ද ඈ සොයා ආවේ නැත.
එක්වරම ඇගේ සිහියට ආවේ යොහාන් හා අකිලයි.ඒ දෙන්නා කොච්චර හොදද කුමාරට වඩා.ඒ වගේ අය අදුරගන්න ලැබෙනවනම් කොච්චර හොදද?ඇයට පහළ වුණ සිතුවිල්ල විය.

කුලය නම් රැහැන...

සැදෑ අහසේ හිරු බැස යන හෝරාවේ
ඇගේ තෙලිතුඩින් ඒ අහස සිත්තම් විය
අහසේ කොනක සිට නෙත් යොමා සිටි ඔහු
ඇය වෙත පියඹා එන්නට සැරසුණත්
කුලය නම් රැහැන් පටින්
දෙදෙනා දෙපස බැද ඇත....

මට එපා වෙලා..

Blog එකට කවි කතා නිසදැස් ලියලා මට එපා වෙලා... ඒක නිසා අළුත් වැඩකට අත ගහන්න හිතුණා.මම ගැන ටිකක් කියන්න හිතුවා...‍

ඔන්න මගේ නම දිල්ෂිකා වුණාට ඉස්කොලේ යනකොට හැමෝටම කියන සුරතල් නමක් තියනවනේ.(සුරතල් කිව්වට මොකද සමහර නම් මාර සුරතල් කියන්නේ අහන් ඉන්න කෙනාගේ කනට මී පැණි වක් කරනවා වගේ:D)මට කිව්වේ කොල්ලා,ඇලඩින් කියන නම් දෙක.(දැන්නම් කොල්ලා කියන් නෑ.ඒ වුණාට ඇලඩින්ගේ වෑල්ඩින් කියලා අලුත් කොටසකුත් එකතු කරලා:P)මම කියන්නම්කෝ මට ඒ නම හැදුණ විදිහ...‍

8 වසරේදි අපිට මේනකා කියලා ටීචර් කෙනෙක් ඉංග්‍රීසි ඉගැන්නුවා.ඒ ටීචර් දවසක් ඉංග්‍රීසි නාට්‍යයක් අනිත් පහුවදා..(චරිතවත් බෙදාගන්න වෙලා නැතිව මොන නාට්‍යද?:P) ඔන්න ඉතින් අපි අභියෝගේ බාර ගෙන චරිත ටික බෙදාගත්තා.අනිත් දවසේ පළවෙන් Period එකේ කරන්න ඕන නිසා Script එක ලියපු මම අපේ පරවියා අතේ පණිවුඩ යැව්වා.(පරවියා කිව්වට මොකෝ SMS කොරේ:D)ඉතින් ඔන්න අනිත් දවසේ නාට්‍යය පටන් ගත්තා.මම ඔන්න පොර වගේ වේදිකාවට නැගලා English වචන කෑලි දෙක තුනක් කියලා අවසර ඇරගෙන වැඩේ හරි යන්න කියලා පිරිතකුත් මුමුණ මුමුණ වැඩේට බැස්සා.(කවුරු මොනා කිව්වත් අපි හොද බෞද්ධයෝ හරිද?)මම ඉතින් ඇලඩින්ගේ චරිතේ රගපාන්න ගත්තා.මගේ බාප්පයි මායි අතර පොඩි Fight එකක් යනවා.( ඇලඩින්ගේ බාප්පා හොදේ...)ඔන්න ඉතින් ඉදුට බනින විදිහ අමතක වෙලා.(වැඩේ කියන්නේ ඒ දවස් වල අපිට ඒ දවස් වල දැන් වගේ ඉංග්‍රීසි දිරවන්නෑ;) ).එයා කොලේ අතේ තියාගෙන බලනවා.එතකොට වැඩේ upset කියලා මට තේරුණා.ඔන්න ඉතින් අපේ ඇලඩින්ට යකා ආවේශ වුණා.(ඒ දවස්වල මගේ හොස්ස ළගින් මැස්සා යන්න බෑ:D)කොලෙත් උදුරලා ගුලි කරලා Stage එක උඩට විසි කරලා තිබ්බ කේන්තියටත් එක්ක මරුවට Fight කරා.ඔන්න එදා තමයි චාරුක මට ඇලඩින් කියන්න ගත්තේ.ඉතින් මට කොල්ලා කියන්නේ ඇයි ද කියලා පස්සේ කියන්නම්කෝ...

හැන්දෑව



2 කොටස "මම කොහොමද ඒක ඔයාට කියන්නේ?"
"ම..ම.."දේදුනු තම වාක්‍ය ආරම්භ කළා පමණි.
"එයා දේදුනු.මම අමා."අමා කීවාය.
"දේදුනු!"තමාට ම පවසාගත් යොහාන් අකිල සමග පන්තිය තුළට ගියේය.
"දේදුනු ඔයා මොකද බයවෙලා?"අමා ඇසුවාය.
"අනේ මන්දා මම දන්නෑ.මට බය හිතුණා."ඈ කීවාය.
"පිස්සි" හයියෙන් සිනාසුන ඔවුන් පන්තිය වෙත ආහ.
පන්ති හමාර වූ ඔවුන් නිවස වෙත ආහ..
"දේදුනු මොකෝ අද?"පබෝධා ඇසුවේ අනෙක් අයට නොඇසෙන ලෙසයි.පබෝ මානසික ආතතියකට පත්ව සිටියාය.ඒ පොඩි කල සිටම දෙමාපියන් දේදුනුට සලකපු විදිහ ගැන කලකිරුණු නිසා ය.දේදුනුගේ කරුණිකත්වය නිසා ඇය සුව වුණත් දේදුනුට හැර කිසිවෙකු හා කතා කළේ නැත.
"හරි වැඩක් වුණානේ....."දේදුනු කතාව කීවාය.
"මං ඔයාට එකක් කියන්නම් දේදුනු ටිකක් සමාජශීලි වෙන්න"පබෝ කීවාය.
"හොදයි.."දේදුනු පහත් හඩින් සිනාසුනාය.
"දේදුනු..."මව කෑගැසුවාය.
"එනවා අම්මා.."යටහත් පහත් ලෙස පවසා මුළුතැන්ගෙට ආවාය.
"අර ළමයට මේ තේක ගිහින් දෙන්න"ඇය තේ කෝප්පය දුන්නාය.
දේදුනු තේ කෝප්පය රැගෙන ගියේ අමුත්තා කවුදැයි කුතුහලයෙනි.
"කුමාර!"ඇය පුදුමයෙන් මුමුණද්දී තේ කෝප්පය අතහැරීමට ඉඩ තිබුණි.
"ආ! දේදුනු ඔයා අද වගේම හෙටත් මට සලකාවි නේද?"කුමාර ඇසුවේය.
"මොකක්ද ඒකේ තේරුම මම තමුසෙව දකින්නවත් කැමති නෑ."කෝපයට පත් දේදුනු කීවාය.
"ඒවා පස්සේ බලා ගමු"තර්ජනය කළ කුමාර එක හුස්මට බිව් තේ කෝප්පය පිරිසිය උඩ තබා පිටත් වුණේය.තේ කොප්පය මුළුතැන්ගේ තබා කාමරයට ගිය දේදුනු හඩන්නට වුවාය.
"දේදුනු මම කොහොම ඒක ඔයාට කියන්නද?"දේදුනුගේ හිස පිරිමදිමින් පබෝ ඇසුවාය.

ඔබ සොයා....

අරමුණක් නැතිව පියනගමි
බිදුණු හදක් අත තබා
අන්ධයෙකු විලස නුඔ සොයමි
ඈත ගුවන් තලේ සිසාරා
වළාකුලකින් සේද සළු නෙලා
මැවූ සිහින මලක් සේ පරවෙලා
එහෙත්.... තවමත් ඔබ සොයමි
හදවත් උයන් තලේ සිසාරා..

හැන්දෑව

ඔන්න දෙවනි කොටසත් දැම්මා.pages වල හැන්දෑව කියන page එකේ කතාව ඇති.(left side bar)

ඉඩෝරය

ශෝකය නම් නියගයෙන්
ඉරිතලා වැටුණු හදට
ආලය නම් වර්ෂාවෙන්
ප්‍රාණය ලබා දුන්
නුඹ බටහිර අහසේ
ගිලී යන හිරු සේ
මගෙන් ඈත් වන
හැම තත්පරයකම
නැවතත් ඉඩෝරය උදා වේවිදෝ
මා හද හඩනගා අසයි.....

ග්‍රීස්මය....


ග්‍රීස්මයේ හමා එන සුළගින්
කෙහෙරැල් දසත විහිදෙද්දී
කන්‍යාවියක සේ මා ඇදෙද්දී
සමච්චල් සහගත සිනාවක් මුව රදවාගත් නුඔ වෙත
මා සිත ඇදී ගියේ කෙලෙසදැයි මා නොදනිම්
එය හුදෙක්ම ආකර්ෂණයක් පමණක් බව මම සිහි කරමි..

ඔන්න හැමෝම හැන්දෑව පිටුව කොහෙද අහන නිසා කතාව මෙතන ලිව්වා.
1 කොටස "ඔයාගේ නම මොකක්ද?"
"දේදුනු..මම බිනූව පන්ති එක්කං යනවා.එනකොට ගෙදර වැඩ ඉවර කරලා රෙදි ටික හොදලා තියන්න."කුමාරි දේදුනුගේ මව කෑගැසුවාය. "හොදමයි අම්මේ"දේදුනු සුපුරුදු යටහපත් බවින් කීවාය.ඇය ගෙදර සියලුම වැඩ අවසන් කොට අමා හා රෙදි සේදීමට වැව වෙතට පිය නගන්නට විය. "අපෝ අර නරුමයා අදත් ඉන්නවා."අමා කීවේ කුමාරටය. "ආ..කට්ටිය නාන්න යනවා වගේ"කුමාර බයිසිකලය රැගෙන ඔවුන් සමීපයට ආවේය. "නෑ අපි පොළේ යනවා"අමා කිවේ නුරුස්සනා අයුරිනි. "අපෝ කවුද ඔයාගෙන් ඇහුවේ?"කුමාර සමච්චලයට කීවේය.
"අපි යමු අමා"දේදුනු කීවේ දෙදෙනා අතර රණ්ඩුවක් ඇති වීම වළක්වනු පිණිසය.
"හා..හොදයි අපි බලා ගමුකෝ"කුමාර කීවේ තරහිනි. "මොනා බලා ගන්නද?"අමාද ඒ හා තරහින් ඇසුවාය.
"අමා අපි යමු අමා"දේදුනු කීවේ බියට පත්වීය.
"හරි.දේදුනු අපි යමු."අමා දේදුනු සමග වැවට පැමිණියාය.
"ඔයා හිටියේ නැත්නම් මම මිනිහට හොද පාඩමක් උගන්නනවා"අමා කීවේ කෝපයෙනි.
"ඕන නෑ අමා අපි ඇයි අහක යන කුණු ගොඩවල් දාගන්නේ"දේදුනු කීවාය.
"පිස්සි" අමා දේදුනුට වතුර පහරක් එල්ල කළාය.ඔවුන් දෙදෙනා සිනාසෙමින් ස්නානය කළහ.
ඔවුන් නිවසට පැමිණ ඉංග්‍රීසි පන්තිය සදහා පිටත් වූහ.
ඉංග්‍රීසි පන්තියට ඇතුළු වනවාත් සමග යමෙක් පැමිණ දේදුනුට කතා කළේය.
"මේක ඔයාගෙද?"ඔහු දිගු කළේ ඇගේ මුදල් පසුම්බියයි.
"ඔ...ව්.." ඈ යන්තමට වචන ගොතා ගත්තාය.
"එහෙනම් මේක ගන්න"ඔහු එය දිගු කළේය.
"ස්තූතියි"ඈ කීවාය.
"මම යොහාන්.මේ මගේ යාළුවා අකිල.ඔයාගේ නම මොකක්ද?"ඔහු ඇසුවේය.

1."ඔයාගේ නම මොකක්ද?"


1."ඔයාගේ නම මොකක්ද?"
ඔන්න ඉතින් පළවෙනි කොටස ලිව්වා.දානවා දානවා කියලා අද තමයි ඔන්න ලිව්වේ.කියවලා බලන්නකෝ.මතක ඇතුව හැන්දෑව පිටුවට යන්න.

සිතුවේ....

සිනාසෙන්න ට සිතුවේ අඩන්නට දුක වැඩි නිසාය
කියන්නට සිතුවේ දරාගන්න බැරි නිසාය
එහෙත් සිනාසෙන්නට කියන්නට
ඔබ මා හැරදමා ගොස්ය
ආයෙත් දිනක ඔබ හා සිනාසෙන්න කියන්න ඔබ එයි නම්
එදින එනතුරු දුක සගවාගෙන
යලිත් වරක් එක්වෙන්න
ඔබ දුන් පලදනාව ඇත තව සුරැකිව
 

Usage Rights

DesignBlog BloggerTheme comes under a Creative Commons License.This template is free of charge to create a personal blog.You can make changes to the templates to suit your needs.But You must keep the footer links Intact.