ජීවිතය කියන්නේ හරිම පුදුමාකාර දෙයක්.ඒක තේරුම් ගන්න එක තමා බොහොම අමාරු.මොකද එක වෙලාවකට ජීවත් වෙන්න ඕන .තව වෙලාවකට ජීවත් වෙලා වැඩක් නෑ.එහෙමයි අපි හිතන්නේ.ජීවිතය පුරාම අරමුණු තියෙනවා.හැම අරමුණක් ම වගේ හැගීම් මත පදනම් වෙච්ච ඒවා.අතීතය අපේ ජීවිතයේම කොටසක් විදිහට නිතරම ළගින් ඉන්නවා.මම හිතන්නේ මිනිස්සු සතුටට වඩා දුක සිහි කර කර අමුතුම රස වින්දනයක් ලබනවා.මම කියන්නේ දුක සිහිපත් කරලා සතුටු වෙනවා කියලා නෙවෙයි.ඒත් දුක මතක් කරන්න ගොඩක් අය කැමතියි.ජීවත් වෙලා ඉන්න අපිට හැමදාම තියෙන්නේ මේ වෙනස් වෙන තැන එහෙමත් නැත්නම් හිත.අපි හැමදේම කරන්නේ අපේ හිතෙන්.අපිට කරන්න පුළුවන් හොදම දේත් නරකම දේත් කරන්නේ අපේ මේ හිත.ජීවිතයේ පුරාවට ලැබෙන හැම දේම හිත් කොනක හැංගිලා ඉන්නවා.කාටවත් කාගෙවත් හිත් කියවන්න බෑ.ඒ නිසා මේ ලෝකේ ගොඩක් අය අනිත් අයව වැරදියට තේරුම් ගන්නේ.එයාලගේ සිතුවිලි කොච්චර ලස්සන උනත් අවංක වුණත් ඒ අයව තේරුම් ගන්නෑ.ගොඩක් ම දුක අපි ආදරය කරන අය අපිව තේරුම් ගන්නේ නැති උනාම.මොකද වෙලාවකට මගේ හොදම යාළුවාට මම එයාට හොදක් කීවම එයාට තරහ යනවා.තනියම ජීවත් වෙන්න බැරි වුණත් එහෙම ඉන්න පුළුවන්නම් ගොඩක් හොදයි තේරුම් ගන්නැති අය අතරේ ඉන්නවට වඩා.ඒත් කවුරු හරි ඉදීවි ඔයාව හරියට තේරුම් ගන්න කෙනෙක්.ඒ කෙනාට සමීප වෙන්න උත්සහ කරන්න..................
7 comments:
හොඳ අදහසක්...
අපි අදරය කරන අය අපිව හරියට තෙරුම් ගන්නවනන් ඒ ආදරේ කොයි තරන් ලස්සනද......?
ඡිවිතය යන මතෘකාව ගැන කතාකරනවා නම් කොච්චර වෙලා
කතාකරත් ඉවර කරන්න බැහැ.මොනා වුනත් ඔයා කියපු දේ ගැන ලොකු තේරුමක් තියනවා.හොද art එකක්.
@ප්‍රනීත් ධනුශ්ක
ඔයා හරි ඒ වුණාට ගොඩක් වෙලාවට වෙන්නැති දේත් ඒක තමා..
@තක්ෂිල
බොහොම ස්තූතියි..ඔයා හරි අපි කාටවත් ඒ මාතෘකාව ගැන කියලා ඉවර කරන්න බෑ..
මටත් ඔය දේ ගොඩක් වෙලාවට හිතිලා තියෙනවා! ඔයා හරි!
@Rash
කාටත් එහෙම හිතෙන වෙලාවල් තියෙනවා.ස්තූතියි
Devika said,
life is the a wonderful thing don't give up it the love is the gift of the life for us to divide among others if u do love some one bottom of u'r heart so so don't hope anything from him or her
Post a Comment