ලොවක් එළිය කරනට ගියා ඔබ යුධ පිටියට දහසක් කදුළු නෙතට ගියා ඔබ ඈතට
සැමදා දිරිය වුණු අනුන් වෙනුවෙන් කැප වුණු
මරණය උරුම වුණු මතකයි ඒ කදුළු
සොහොන උරුම කරගෙන
රට රකින්නට ගිය සොයුරන්ට
නෙතග කදුළු පුරවාගෙන
ලියමි හද සෙනෙහෙන්
මතු උපදින දිනක නොවේවා මෙවැනි
දුකක් ඔබ හට කිසිදා....
මේ ඔබ ආදර සෙයුරිය.....

2 comments:
ලෝකයක් නසන්නට...
රුදුරු අවි අත දරා...
ඇයි අපේ ….
සොහොයුරෝ....
යුධ බිමේ තනිවෙලා....
ගත ඇඳුනු වණ කැළල්
නැත තවම සුව වෙලා....
අවිය දැරු අතට නැහැ...
මල් කැකුළු හුරු වෙලා....
නිදන මුත් මුළු ලොවම...
සාමයෙන් සැතපිලා....
සිහිනෙනුදු නුඹ තවම...
යුධ බිමක සිරවෙලා.....
@Shadow/හේමලයා
ගොඩක් දේ කවියෙන් කිව්වම රසය වැඩියි.
Post a Comment