"මම මේ ගැන දේදුනුට කියන්න ඕන"
"හරි ළමයිනේ අපි පුස්තකාලෙට යමු අපේ ප්‍රොජෙක්ට් එක කරන්න"යොහාන් නිහැඩියාව බින්දේය.
"ලේඩිස් ෆ(ර්)ට්.එහෙම නේද?"අකිල අමාට සහ දේදුනුට ඉදිරියට ආරාධනා කළේය.
"ඔව් ඉතින් පිරිමි දන්නේ පස්ස ගහන්නනේ"අමා කියන්නට විය.
"මේ..මේ..ඕවට විතරක් එන්න එපා හරිද?"අකිල කියන්නට විය.
"ඇයි ඔයා මොනා කරන්නද?"අමාද නෝක්කාඩුවට කියන්නට විය.
"ඔන්න ඉතින් දෙන්නා පටන් ගත්තා" දේදුනු කීවේ හිනැහෙමිනි.
"ඇති යන්තම් හිනා වුණා.."යොහාන් කීවේය.
පහත් හඩින් සිනාසුනු දේදුනු බිමට හිස හරවා ගත්තාය.
"ඔන්න ආවා"පුස්තකාලයට පැමිණි අමා කීවාය.
ඔවුන් පුස්තකාලය වෙත ගොස් පොත් සොයන්නට විය.නොයෙක් දේ පහත් හඩින් මුමුණමින් ඔවුන් මේසය වටා රොක් වූහ.
"ආ අකිල!දැක්ක කල්"අකිලගේ පැරණි මිතුරෙකු ආවේ මෙවිටය.
"ඉතින් මචං කොහොමද ජීවිතේ" අකිල තම මිතුරාගෙන් ඇසුවේය.
"වරදක් නෑ.ඒක නෙවේ අර ඔයාගේ නංගිද?"ඔහු ඇසුවේ දේදුනු දෙස අත දිගු කරමිනි.
"පිස්සුද?එයා මගේ යාළුවෙක්"අකිල කීවේය.
"නිවුන්නු වගේනේ නැද්ද යොහාන්?"ඔහු යොහාන්ගෙන් ඇසුවේය.
"සීයයට අනූනවයක් විතර.මොකද මුගේ කටනම් නෑ"යොහාන්ගේ කතාවට අනෙක් අය පහත් හඩින් සිනාසුනහ.
"හරි මං යනවා මචං.මට වැඩ වගයක් තියනවා කරගන්න"ඔහු කීවේය.
"හරි එහෙනම් බුදු සරණයි!"අකිල කීවේය.
"අපිත් යමු නේද?"අමා ඇසුවාය.
ඔවුන් අවශ්‍ය පොත් රැගෙන පුස්තකාලයෙන් එළියට ආහ.
"ආ දේදුනු තමුසේ කාත් එක්කද මේ රවුම් ගහන්නේ?"නොසිතු ලෙස කඩා පහත් වුණු කුමාර දුටු දේදුනු බිය වූවාය."තමුසේ එනවා මාත් එක්ක යන්න"ඔහු දේදුනුගේ අතින් අදින්නට විය.
"මේ මේක ටවුම ඔහේ ඔය වගේ වැඩ කරන්න එපා"දේදුනු කෝපයට පත්ව සිටියාය.
"අනෙක මේ පැත්තට වත් එන්න එපා"අමාද කෝපයෙන් කෑගැසුවාය.
"ඔයාලා පැත්තකට වෙන්න අපි මේක බලා ගන්නම්"යොහාන් සහ අකිල කුමාර ළගට ගොස් මොනවදෝ කියන්නට වූහ.කුමාර ඔවුන් දෙසට ඔරවා යන්නට ගියේය.
"මං නිසා ඔයාලටත් ප්‍රශ්න"දේදුනු හඩමින් අසල තිබූ බංකුවක වාඩි වූවාය.
"කමක් නෑ"යොහාන් ඇය දෙස බලමින් කීවාය.
ඇය යොහාන් දෙස බැලුවාය.ඔහුගේ දෑසේ මිත්‍රශීලි බවක් ගෑවී ඇතැයි දේදුනු සිතුවද ඊට වැඩි යමක් ඈ දුටුවේ නැත.
"මම මේ ගැන දේදුනට කියන්න ඕන"යොහාන් සිතුවේ එයයි.
2 comments:
ඔන්න ගොඩ දවසකින් මම ආවා. ඔක්කොම ටික කියෙව්වා.....කතාව හරි ලස්සනයි
ඔබට හොදින් කතා ලියන්න පුලුවන්. ඔබේ කථා හරිම ලස්සනයි, අර්ථාන්විතයි. ඔබට ජය!
Post a Comment