8 කොටස
කිසිවක් නොකී දේදුනු කාමරයට ගියාය.තම නැගණිය දෙසට සහ මව දෙසට හැරුණු පබෝදා හිස් බැල්මක් ඔවුන් වෙත හෙලා දේදුනු පසුපස ගියාය.
"දේදුනු ඔයා දුක් වෙන්න එපා.ජීවිතේ හැටි ඔහොම තමා"පබෝ මුමුණන්නට විය.
"ඒත් මම මෙච්චර අවාසනාවන්තද?පොඩි කාලේ ඉදන් මට මෙහෙම දුක් වෙන්න"දේදුනු හඩන්නට වූවාය.
"කදුළුවලට දුක හේදෙනවා විතරයි දේදුනු..මමත් හැමදාම අඩනවා.ඒත් අඩලා ජීවිතේට ලැබෙන දෙයක් නෑ කියලා මම තේරුම් ගත්තා..දේදුනු මම ගාමන්ට් එකක වැඩට යනවා..මම දැන් දන්නවා මගේ ජීවිතේ තියෙන්නේ මගේ කැප කිරීම මත කියලා"පබෝ සුසුමක් හෙලන්නට විය.
"ඒත් අක්කේ..?"දේදුනුට කතා කරන්නට ඉඩක් නැති විය.
"මම දන්නවා දේදුනු අම්මා කීයටවත් ඉඩ දෙන්නෑ.ඒත් මේ මම එයා නෙවේ"පබෝ දෑස් තරහින් දිලිසෙන්නට විය..........................................
"යොහාන් ඔහොම ඉන්න නැතිව කන්න එන්න."නිඛිල කල්පනා කරන යොහාන්ගේ දැහැන බිදිමින් කීවේය.
"අනේ අයියේ මම මොනා කරන්නද?"යොහාන් කිසිවක් සිතාගත නොහැකිව ලත විය.
"මම කිව්ව වගේ එන දේකට මුහුණ දෙමු .යං දැන් කන්න නැත්තම් තවත් කෙට්ටු වෙයි."නිඛිල යොහාන් සිනහ ගස්සනට උත්සහ කලද එය සාර්ථක නොවීය...........
"දේදුනු රාත්‍රි ආහාරයගත්තේ පිරියකින් නොවේ.ඈ වෙනදාට වඩා කලින් නින්දට ගියේද එබැවිනි.රාත්‍රිය නිහඩය.දේදුනු ඇදේ වැතිරි කල්පනා කරන්නට විය.
යොහානුයි අකිලයි කොච්චර හොදද? ඒත් මම එයාලා එක්ක කතා කරනවා බිනූ දැක්කොත් මම ඉදලා ඉවරයි.ඒ උනාට ඒ යාළුකම නැති කරගන්න මට බැහැ...මොනා කරන්නද මම පව්කාරියෙක් වෙලා ඉපදුනේ නැත්තම් මෙච්චර දෙයක් වෙන්නෑනේ..පබෝ කිව්ව වගේ මාත් ඉක්මනට රස්සාවක් හොයා ගත්තොත් හරි.
ඇයට සිතන්නට හැකි වුයේ එපමණකි.නින්ද ඈ සොයා ආවාය.....
.............................................................................................................
බිනූ මේ අතර නිදි නොලබා කල්පනා කරන්නට කරන්නට විය.
"පොඩි කාලෙ ඉදලම මම මට ඕන හැම දේම ලබා ගත්තා.මම කවදාවත් එයාව මගෙන් උදුර ගන්න දෙන්නෑ.මම කොහොම හරි එයාව ලබා ගන්නවා.එහෙම නොකළොත් ඒ මම නෙවේ............................
"අනේ දෙවියනේ ඒ අහිංසක ඇස් දෙක.මට හිතාගන්න බෑ මං ඇයි එයා එච්චරටම කැමති.මට පිස්සු හැදීගෙන එනවද?නැත්තම් මං එයාව පතාගෙන ආවද?මට තේරුම් ගන්න බැරි මං ඇයි එයාට කැමති කියලා."අකිල තමාටම මුමුණා ගනිමින් මුහුණ සෝදන්නට විය.
"දේදුනු දෙවියනේ මට ඇයි මේ ගැන හිතුණේ "අකිල හැගුම්බරවිය........