හැන්දෑව



2 කොටස "මම කොහොමද ඒක ඔයාට කියන්නේ?"
"ම..ම.."දේදුනු තම වාක්‍ය ආරම්භ කළා පමණි.
"එයා දේදුනු.මම අමා."අමා කීවාය.
"දේදුනු!"තමාට ම පවසාගත් යොහාන් අකිල සමග පන්තිය තුළට ගියේය.
"දේදුනු ඔයා මොකද බයවෙලා?"අමා ඇසුවාය.
"අනේ මන්දා මම දන්නෑ.මට බය හිතුණා."ඈ කීවාය.
"පිස්සි" හයියෙන් සිනාසුන ඔවුන් පන්තිය වෙත ආහ.
පන්ති හමාර වූ ඔවුන් නිවස වෙත ආහ..
"දේදුනු මොකෝ අද?"පබෝධා ඇසුවේ අනෙක් අයට නොඇසෙන ලෙසයි.පබෝ මානසික ආතතියකට පත්ව සිටියාය.ඒ පොඩි කල සිටම දෙමාපියන් දේදුනුට සලකපු විදිහ ගැන කලකිරුණු නිසා ය.දේදුනුගේ කරුණිකත්වය නිසා ඇය සුව වුණත් දේදුනුට හැර කිසිවෙකු හා කතා කළේ නැත.
"හරි වැඩක් වුණානේ....."දේදුනු කතාව කීවාය.
"මං ඔයාට එකක් කියන්නම් දේදුනු ටිකක් සමාජශීලි වෙන්න"පබෝ කීවාය.
"හොදයි.."දේදුනු පහත් හඩින් සිනාසුනාය.
"දේදුනු..."මව කෑගැසුවාය.
"එනවා අම්මා.."යටහත් පහත් ලෙස පවසා මුළුතැන්ගෙට ආවාය.
"අර ළමයට මේ තේක ගිහින් දෙන්න"ඇය තේ කෝප්පය දුන්නාය.
දේදුනු තේ කෝප්පය රැගෙන ගියේ අමුත්තා කවුදැයි කුතුහලයෙනි.
"කුමාර!"ඇය පුදුමයෙන් මුමුණද්දී තේ කෝප්පය අතහැරීමට ඉඩ තිබුණි.
"ආ! දේදුනු ඔයා අද වගේම හෙටත් මට සලකාවි නේද?"කුමාර ඇසුවේය.
"මොකක්ද ඒකේ තේරුම මම තමුසෙව දකින්නවත් කැමති නෑ."කෝපයට පත් දේදුනු කීවාය.
"ඒවා පස්සේ බලා ගමු"තර්ජනය කළ කුමාර එක හුස්මට බිව් තේ කෝප්පය පිරිසිය උඩ තබා පිටත් වුණේය.තේ කොප්පය මුළුතැන්ගේ තබා කාමරයට ගිය දේදුනු හඩන්නට වුවාය.
"දේදුනු මම කොහොම ඒක ඔයාට කියන්නද?"දේදුනුගේ හිස පිරිමදිමින් පබෝ ඇසුවාය.

6 comments:

෴ හසියා ෴ said...

දිගටම ලියන්න නංගියෝ...සුභ පතනවා.....
මේ පොඩ්ඩක් මේ ෆොන්ට් එක ලොකු කරන්න පුළුවන්ද...??? කියවන්න ටිකක් අමාරුයි වගේ...

Dil said...

@෴ හසියා ෴
හරි අයියේ ...ඊළග කොටසේ ඉදලා එහෙම ලියන්නම්..

මහිම මදුරංග said...

Ctrl + gahanna

C0de BlUe said...

හ්ම්ම් ආදර කතාවක් වගේ , මම මේක කියෙව්වේ නම් නෑ , පස්සේ හීමිට කියවාලා දාන්නම්කෝ , ආ නංගිගේ ස්ටෝරිය ඔන්න මගේ සින්ඩියටත් දැම්මා .... http://lovespot.22web.net/

Dil said...

@හිඟන්නා
ස්තුතියි අයියේ..ඔයාගේ සින්ඩියට සුභ පැතුම්!

Dil said...

@mahima
thanks..!

Post a Comment

 

Usage Rights

DesignBlog BloggerTheme comes under a Creative Commons License.This template is free of charge to create a personal blog.You can make changes to the templates to suit your needs.But You must keep the footer links Intact.