Showing posts with label නෙළුම් විල. Show all posts
Showing posts with label නෙළුම් විල. Show all posts

මිතුරියට....

මේක මම ම‍ගේ හොදම යාළුවාට ලීවේ....


ඔය ඇස් වලින් වැටෙන කදුළු බිදු වලට
මගේ ඇස්වල කදුළු මදි  හඩන්නට
නු‍ඹේ හිත පෑරෙන තරමට
අනෝරා වැසි මදි මගේ හද ගින්න නිවන්නට‍
කුමක් කළ හැකිද නුඹ සනසන්න
නිහඩව පසෙකට වී හඩන්නද මම........?

මුදු සුළග නුඔ නම්........

පුන් සරා සද මේඝ වලා පටලය වසා ඇතඑහෙත් ඒ ආලෝකය ලෝකය දෙස නොඉවසිල්ලෙන් බලා ඇත
මේඝ වලා පටලය ඉවත් කරන මුදු සුළග නුඔ නම්.....................
මගේ ලෝකයටපුන් සරා සදේ ආලෝකය නැවත ලැබෙනු ඇත

කියම් කෙසේ

ආල‍ය කළේ නුඹේ හදට මිස රුවට නොවේ....
එය ඔබට නොදැනේ නම් ආලය කරමි කෙසේ...
පැතු පැතුම් සේරම අහවර කරමි මෙසේ....
මගේ ආලය මුලාවක් නොවන බව කියමි කෙසේ.....

කිසිවෙකුට නොවේවා මෙවැන්නක්!!



ඔන්න සතියකට පස්සේ මේ පැත්තට ගොඩ වැදුණා.බ්ලොග් එක දිහා නිකමටවත් බැලුවේ ඊයේ.මොකෝ දහම් පාසල් තරගවලට පාඩම් කලානේ.පාඩම් කරා කිව්වට මොකද තරගේ අදයි කියලා තමා පොත බැලුවේ‍.ඒකත් හරි කියමුකෝ දැන් ඉතින් පුරුදු විදිහට කවියක් දානවා.......




සිත කොනක සැගවෙලා
ඉගි බිගි පෑ හදක්
නෙත් කොනක සැගවෙලා
සිතට දුක් කදුළක්
නුඹ රහසේ සැගවෙලා
හිතට ලොකු දුකක්

එදා නුඔ මා පතමින්
මගේ හද විමසූවා
නුඔ ගැන පතමින්
මම හද පිදුවා
අද නුඹ සොයමින්
හද ගැඹුරෙහි දිව්වා
නුඹේ ඡායා ඇත නුඹ නොමැත
මා හද පැවසූවා

ලස්සන සිහින වලට මුලා වෙලා ජීවිත නැති කරගන්න  කලින් ආදරයට සමු දෙන්න....

එපා දුරස් වෙන්න......


ජීවිතයේ හැම දුකක්ම සතුටක්ම
ඔබ ළගට වී තුරැළු වී විදගන්න
නු‍ඹේ ඔය පපුවට තුරුළු වෙලා
හද ගැස්ම යටින් පැතු පැතුම්
නුඹ පහලට හෙලන හුස්ම පොද
යට සැගවෙලා තුරුළුවෙන්න
එපා නුඹ මීදුමේ සැගවෙන්න
එන්න මට සීතලට ළං වෙන්න..........

ජාති භේද??

නුඹේ එය රුව දකින්නට මට අවසර නැතිදෝ...
කළු සේද පටලයකින් නු‍ඹේ එය රුව වසා ගත්තේ
නුඹව කවුරුත් දකී කියාදෝ........
ඔබ මා දෙස ඉගිකලත් අප ළං නොවන බව නොදනීදෝ....
ජාති භේද ඇතත් අප සැම මිනිසුන් බව නොතේරෙන ලොවක
නුඹ ඉගිපාන්නේ කිමදෝ.......
කුමරියනි කිමදෝ....

ගං තෙරේ..........

වැසි වැටෙන අමිහිරි රැයක
ගත දැවටෙන සිසිල දරාගෙන
අන්තිම මොහොතත් ඒ දෙස බලාගෙන
නුඹ එනවාදෝ සිත ඇසුවා...

වයලීනයේ නිහඩ රාවය
සිත තව තවත් දුක් විය
නැහැ නුඔ  තවත්
සිත ඇසුවා.................

ගං තෙරට නෙත් යොමා
දෙනෙත් කදුලින් බොද වුණා
සිතට දුක දී ඈ ..........
ගං පතුලේ සැගවුණා.....

               Dil...........

අවසරදෝ



                                         ලන්තෑරුම අත දරා පියනගමි
                                         අදුරු අහසේ නොපෙනී ගිය
                                              මල් සුවයක් සොයා
                                                 ඒ සුවද සිපගන්න
                                        නැවත ඔබ හා එක් වන්න
                                    අවසරදෝ ඔබෙ හිතට ගොඩවන්න.....
                                                      ....Dil......

හද ගැස්ම

 පුන් සද මෝරන රැයක
මා අසල දැවටුණු හද ගැස්ම
සිහිවෙයි ඒ සිහිනය
සුදු සේළයක පාවෙන විලස
බිදී යන කැඩපතක් විලස
බිදුණු ඒ හද ගැස්ම
සිහිවෙන හැම මොහොත
නෙතට කදුල උරුම විය...
බිදී ගිය හද ගැස්ම තුරුළු කර නිදන්නට වෙර දරන මම දිල්

අනෝරා වැහි...


පිනි වැටෙන සීතල සැන්දෑවක
ඔබගේ උණුසුම විද ගනිමින්
හෙළු ඒ සුසුමන්
වැහි ඇද වැටෙන රැයක
මා හැරදා ගොසින්ය...
ඒ දුක සේදීමටදෝ මේ
අනෝරා වැහි ඇද වැටෙන්නේ....

ඔබ සොයා....

අරමුණක් නැතිව පියනගමි
බිදුණු හදක් අත තබා
අන්ධයෙකු විලස නුඔ සොයමි
ඈත ගුවන් තලේ සිසාරා
වළාකුලකින් සේද සළු නෙලා
මැවූ සිහින මලක් සේ පරවෙලා
එහෙත්.... තවමත් ඔබ සොයමි
හදවත් උයන් තලේ සිසාරා..

ග්‍රීස්මය....


ග්‍රීස්මයේ හමා එන සුළගින්
කෙහෙරැල් දසත විහිදෙද්දී
කන්‍යාවියක සේ මා ඇදෙද්දී
සමච්චල් සහගත සිනාවක් මුව රදවාගත් නුඔ වෙත
මා සිත ඇදී ගියේ කෙලෙසදැයි මා නොදනිම්
එය හුදෙක්ම ආකර්ෂණයක් පමණක් බව මම සිහි කරමි..

ජීවිතය

ජීවිතය අකුරු හතරක බැරෑරුම් වචනයක්
ඒ අකුරු හතරේ නියම තේරුම දන්න කෙනා
තම ජීවිතය නිවැරදිව පවත්වා ගෙන යනවා
ජීවිතය නම් සුන්දර මාවතේ
එන්න පිය නගන්න
දෝත පුරවාගෙන
බලාපොරොත්තු වලින්
ආදරය හදට ළංකරගෙන
යහපත් අයෙකු ලෙස
සැරිසරන්න......


මව්නි....

රාත්‍රියට පායා එන සද මඩල සේ
දහසක් දුක් විද මා දැඩි කළ
ඔබ,සෑම සසරක ම මගේ ම විය
එයයි ඔබ මැවූ ආදර ලෝකය
මා ආදර අම්මේ
සැමදා දෙපා නමදිමි ඔබේ ආදර දෝණි..

මිය ගිය සොයුරන්ට

ලොවක් එළිය කරනට ගියා ඔබ යුධ පිටියට
දහසක් කදුළු නෙතට ගියා ඔබ ඈතට
සැමදා දිරිය වුණු අනුන් වෙනුවෙන් කැප වුණු
මරණය උරුම වුණු මතකයි ඒ කදුළු

සොහොන උරුම කරගෙන
රට රකින්නට ගිය සොයුරන්ට
නෙතග කදුළු පුරවාගෙන
ලියමි හද සෙනෙහෙන්
මතු උපදින දිනක නොවේවා මෙවැනි
දුකක් ඔබ හට කිසිදා....
මේ ඔබ ආදර සෙයුරිය.....

පියාණෙනි

දිනයක් උදා වන විට නැග එන හිරු නුඔ විය
ඒ රශ්මි දාරාවෙන් අප පෝෂණය කරන්නට ‍
සැමදා ඇප කැප වූ ඒ ඔබ.....,‍මගේම ආදර පියා විය
තවත් හිරු නැගෙන දිනක ඔබෙන් වෙන් වන්නට නොපැතුවද
දෛවය අනුව වෙන් වූවාද සැමදා ඔබ මා ආදර පියාම වේ...

මිතුරියට

එකම සෙවණක් යට එකට වාඩි වී
එකට අකුරු කල අප දෙදෙනා
වෙන්ව යාමට සිදුවන දිනය ලංව ඇත
ඔබත් මමත් නැවත හමුවන දිනය කවදදාද
එදින නුඹ හා නැවත එක්ව
එකට වාඩි වී කතා කරන්නට බොහෝ දේ ඇතුවා සේම
මගේ සදාදරණීය මිතුරියට
ආසිරි පතන්නට බොහෝ කලක් යාවි ද
එදින එනතුරු දෙදෙනාම සිතුවිලි අතර සැගව ඇත.....

අහිමි මල




ජීවන ගංගාවේ ඔරුවක නැග
දිරිය නම් හබලින්
දිය පහර මැඩගෙන
අරමුණ කරා ඔරුව යාත්‍රා කරන අතර
හමුවන බොහෝ දේ රැස් කරගෙන
මරණින් කෙළවර වන මේ දිවියේ
සුන්දර නවාතැනක මා හද නතර වී ඇත
තැනිතලා යායේ පිපි සුන්දර මල
නෙලාගන්නට ම‍ට අවසර නැතුවා සේය
හැම මොහොතක් පාසාම මම අහිමි මලකට
සුසුම් හෙළමි.............








 

Usage Rights

DesignBlog BloggerTheme comes under a Creative Commons License.This template is free of charge to create a personal blog.You can make changes to the templates to suit your needs.But You must keep the footer links Intact.