4.කොටස
"ඔයා හරි දක්ෂයිනේ..."
දේදුනු එසේ සිතමින් නිදි දෙව් දුව තුරුළේ සැතපුණාය.
පසුදා උදෑසනම සතුටු සිතින් අවදි වූවත් ඒ සතුට සේදී ගියේ පෙරදා සිදුවූ සිදුවීම් සිහියට නැගුණු හෙයිනි."හ්ම්.."ළය සුසුමකින් සැහැල්ලු කර ගන්නා අතර ඇගේ මුවින් නික්මුණි.දේදුනු උදෑසන ආහාරය සකසා බත් මුල් දෙකක් බැන්දේ අසරණයෙකුට දීම සදහාය.ඇය පුරුද්දක් වශයෙන් එය කලත් මව දැන ගතහොත් මුහුණ දීමට වෙන අකරතැබ්බයද ඈ හොදින්ම දැන සිටියාය.
පොලොස් මාළුවත්,තලපත් මාළුත්,මඤ්ඤොක් කොල මැල්ලුමත්,කිරි හොද්දෙනුත් බත පිරි තිබුණි.කෙහෙල් කොළ කපාගත් ඈ බත් දෙක බැද මල්ලට දමා ගත්තාය.මුහුණ සෝදා ආහාර ගෙන පොත පතේ වැඩ නිම කළ ඈ අමා හමුවීමට ආවාය.
"ආ!අද උදේම කොහේ යන්නද?"අමා විමසුවාය.
"ඇයි අමා පන්ති යන්නැද්ද?"ඈ විමසුවාය.
"දෙවියනේ අමතක උනා.ඉන්න මම තත්පරෙට එනවා."අමා සුදානම් වීමට ගේ තුළට ගියාය.
"ආ...දේදුනු දුව ඔන්න අද නම් තේ එකක් බීලම යන්න ඕන.හැමදාම ආවට කවදාවත් තේකක් බොන එකක්යැ."අමාගේ මව ඇයට කීවාය.
"මටත් මේ වගේ අම්ම කෙනෙක් හිටිය නම්"ඈ නෙතට ආ කදුළු වැරෙන් සගවා ගෙන තේ උගුරක් බීවාය.
"අපි යනවා අම්මා."අමා කාමරයෙන් එළියට පැමිණියේ කෑගසාගෙනය."අපි යමු."දේදුනුත් අමාත් නිවසෙන් එළියට බැස පාරට ආහ.
"අන්න අර නරුමයා එනවා.හොද වෙලාවට බස් එකක් එනවා අපි නගිමු."අමා කීවේ කුමාර එනු දැකයි.ඔවුන් කෙසේ හෝ කුමාරව මග හැර බසයට නැග ගත්හ.
පන්තිය වෙතට එන විට ඔවුන්ට දැකගත හැකිවූයේ යොහාන් සහ අකිල සිටින අයුරුයි.
"ගුඩ් මෝනින්"ඔවුන් මේ දෙදෙනාව පිළි ගත්හ.
"ගුඩ් මෝනින්"අමා හා දේදුනු කීහ.
පන්තිය පටන් ගත් බැවින් ඔවුන් පන්තිය වෙත ආහ.දවල් කෑම වන තුරු ඔවුන්ට වචනයකදු කතා කිරීමේ අවස්ථාව නොලැබිනි.
යොහාන් හා අකිල දවල් ආහාරය නොගන්නා බව දුටු අමා ඔවුන්ට කතා කළාය.
"ඔයාලා කන්නේ නැද්ද?"අමා ඇසුවාය.
"අයියෝ මට කෑම ගේන්න බැරි වුණානේ ඒක නිසා දෙන්නම බඩගින්නේ".යොහාන් දුක්බර ස්වරූපයක් මවාගෙන කීවේය.
"මගේ ළග තව බත් එකක් තියෙනවා."දේදුනු කීවාය.
"මම මේ අහන්නේ දේදුනුට දිවැස් එහෙම තියෙනවද?"අකිල ඇසුවේය.
"අනේ නෑ මම කාට හරි දෙන්න කියලා හැමදාම බත් එකක් ගේනවා."ඈ කීවාය.
"ඔව් ඉතින් මෙයා අසරණ සරණනේ"අමා කීවාය.
"ඔන්න අද ඔයාගේ බත් මුලට වග කියන අසරණයෝ දෙන්නා අපි"යොහාන් බත් මුල දිග හරින්නට විය.
"ඔයාලගේ ගෙදර මගුල් ගෙයක්වත්ද?"යොහාන් පුදුමයෙන් අසන්නට විය.
"අනේ නෑ මම නිකමට ඉව්වේ"දේදුනු කීවාය.
"හරි රසයි "කටක් කෑ අකිල කීවේය.
"ඔයා හරි දක්ෂයිනේ"යොහාන් කීවේය.
අවනතිය
-
උඩුගං බලා පිහිනමි
සුරතින් රැගෙන අභිමානය....
වමතින් වසාගනිමින් අවමානය....
යති හිතෙහි ජනිතවන...
හීන මානය....
අඩපණ කරයි...
සැඩ පහරට එරෙහිව....
සටනට පණ පොවන
උ...
5 years ago
5 comments:
kathawa nam shok ekata liyanawa nanga... digatama liyanna.mama hamadama kiyawanawa.
ඒ බත් මුල මට ලැබුන නම්........, කෑදර සිතකුත් පහල උනා ඔන්න.........
@nasha
හරි අක්කියේ ලියන්නම්..:)
@isimbuwa
බත් එකක් e-mail කරන්නද?:)
නියමයි ඔහොම....යං...
@තක්ෂිල
thanks
Post a Comment