මතකයි එදා අත් අල්ලා
ගුරු පාර දිගේ පිය මැන්නා
හිඹුටු දිඹුටු කඩා ගෙනත්
දොඔ ගහ යට රස වින්දා
ඔබයි සැම විට මට සෙවණ වුණේ
මගේ ළග රැදී හොදම මිතුරා ලෙස
දෙමාපියන් සොයුරන් නැති මා හට
සැම විට ආදරය කළේ....
ඔබ මට හමුවුණ අවසාන දිනේ
දුටුවා ඔබේ කදුළු ඇසේ
රට රකින්න ගිය නුඹ......
කිසිදා නෑ මා දුටුවේ
රට රකින්න දෑස් අග කදුළු පුරවාගෙන හද පිරි සෙනෙහස දෝර ගලා තාරුණ්‍යය හැරදා ගිය නුඹට සම්මා සම්බුදු සරණයි....!
ඔබ ආදර..
සුදු නංගා..
4 comments:
අතීතය....අපේ හිතේ ප්‍රියතම නැවතුපලද මන්ඳ?....:(
අතීතය සිහිනයා පමණයි සැබෑ සුවඬක් නෑ....
@Shadow/හේමලයා
වෙන්න එෟන අයියේ ඒකනේ අතීය හැම වෙලාවෙම සිහි වෙන්නේ..
@indi
ඒකත් ඇත්ත.ඒ වුණාට අතීතය අනාගතයට මගක් කියනවනේ...
සිනා සෙන්න මට ලොවට පෙනෙන්නට දෙන්න ඔබේ එක සිනා පොදක්...
Post a Comment