මට මොනා වෙයිද දන්නෑ.
3 කොටස"මොකක් ගැනද ඔයා කියන්න හදන්නේ?"හැඩුම අතරින් ඇය ඇසුවාය.
"දේදුනු ඔයා පොරොන්දු වෙන්න හිත නරක් කරගන්නෑ කියලා."පබෝ කිවාය.
"හරි මං පොරොන්දු වෙන්නම් ඔයා කියන්නකෝ."ඈ කීවාය.
"කුමාර ආවේ ඔයා ගැන අහන්න"පබෝ කියන්නට විය.
"මං ගැන?"ඈ පුදුම වූවාය.
"ඔව් අම්මා කැමති වුණා.එයා කියපු දේවල් මම කියන්න ඕන නෑනේ"
"අම්මා කොහොමද එහෙම කරන්නේ මම කොහොමද ඒ අමුනුශ්යත් එක්ක ජීවත් වෙන්නේ?"ඇගේ හැඩුම වැඩි විය.
"දේදුනු කෑගන්න එපා.ඔයා දන්නවනේ මම කතා කරන්නෑ කියලා.එයාලා ආවොත් මට මොනා වෙයිද?"පබෝ බියෙන් තෙලපුවාය.
"සමාවෙන්න.පබෝ ඒත් මම දරාගන්නේ කොහොමද?"දේදුනු කදුළු පිරි හිස් බැල්මක් හෙළුවාය.
"ඔයා මට පොරොන්දු වුණා හිත කලබල කරගන්නෑ කියලා."
"හරි මං අමාට කතා කරලා එන්නම්"
"ඔය කදුළු පිහිදන් යන්න"පබෝ කීවාය.දේදුනු යන අතර පබෝ මෙසේ සිතන්නට විය.මේ කෙල්ලට කොච්චර නම් දුක් විදින්න වෙනවද?ඒත් එයාට මම කොහොමද කියන්නේ එයාගේ ඇත්ත දෙමාපියෝ ගැන...පබෝ සුසුමකින් ළය සැහැල්ලු කර ගත්තාය.
දේදුනු අමා හා වෙලට ආවාය.
"අමා මේ වෙලාවේ කරදර කළාට සමාවෙන්න ඕන.ඒත් මම වැටිලා ඉන්න තත්වේ ගැන මට ඔයාට කියන්න ඕන."ඈ කීවාය.
"මොකක්ද දේදුනු ප්රශ්නේ"ප්රශ්නය බරපතල බව ඉවෙන් මෙන් වටහා ගත් අමා ඇසුවාය.
"මේකයි......"ඈ තම ප්රශ්නය අමා ඉදිරියේ දිග හැරියාය.
"දේදුනු ඔයාලගේ අම්මට හිතක් පපුවක් නැද්ද?මේ වගේ අපරාධයක් කරන්න තරම්"අමා කෝප වූවාය.
"මම දන්නෑ අමා.මට මොනා වෙයිද කියලා.මට වෙලාවකට හිතෙනවා එයාලා මගේ දෙමාපියෝ නෙවෙයි කියලා.පබෝ විතරයි මට ආදරේ කරන්නේ.ඔයයි පබෝයි නැත්තම් අද මට මොනා වෙයිද දන්නෑ"දේදුනු කළකිරි සිටියාය.
"අසුභ කතා කියන්නෙපා දේදුනු..අපි හැමදාමත් උඹට ඉන්නවා කියලා මතක තියා ගනිං"අමා දුකින් කීවාය.
"මම දන්නවා..ඒත් මොනා කරන්නද මංදා අමා .මම දැන් ගෙදර යන්නම්"
"ඔයා ඔය ගැන වැඩිය කල්පනා නොකර කාලෙට ඉඩ දෙන්න"
"හොදයි මම යන්නම්" දේදුනු නිවසට එන්නට විය.
පාඩම් පොත අතට ගත්තත් හිත අවුල් නිසා ඇයට කිසිවක් හිතට ආවේ නැත.රාත්රි කෑම පිසූ ඇය නිදන්ට ගියත් නින්ද ඈ සොයා ආවේ නැත.
එක්වරම ඇගේ සිහියට ආවේ යොහාන් හා අකිලයි.ඒ දෙන්නා කොච්චර හොදද කුමාරට වඩා.ඒ වගේ අය අදුරගන්න ලැබෙනවනම් කොච්චර හොදද?ඇයට පහළ වුණ සිතුවිල්ල විය.
3 comments:
කතාව නම් හරීම ලස්සනයි.දිගටම ලියන්න.අපි කියවනවා
මේ කී වෙනි කොටසද නංගෝ දවස් ගානකින් මට මේ පැත්තෙ එන්න බැරි උනානෙ. දිගටම ලියන්න .
@Anonymous
කියවන්න කට්ටිය ඉන්නවනම් ලියන්නම්..
@isimbuwa
3 වෙනි කොටස අක්කි..දිගටම ලියන්නම්...
Post a Comment