හැන්දෑව

"මේ දේදුනු පුළුවන් නම් හැමදාම අපිට බත් ගේන්නකෝ"අකිල කීවේය.
"ඕන නම් ගේන්නම්"දේදුනු කීවාය.
"අනේ විහිළුවට කිව්වේ අපි අනිත් දවස් වලට කෑම ගේනවා"යොහාන් කියන්නට විය.
"ආ ගණන් ගන්න එපා අපි ඕන නම් ගේන්නම්"අමා කීවාය.විහිළු තහළු මැද ඔවුන් ආහාර ගෙන අවසන් වූහ.පන්තිය දිවා ආහාරයෙන් පසු ආරම්භ විය.
"හොදයි ළමයි මම ඔයාලව කණ්ඩායම් වලට බෙදනවා.ඔයාලා අනිත් සතියේ මම දෙන ප්‍රොජෙක්ට් එක කරන් එන්න ඕන."ගුරුතුමිය කීවාය.වාසනාවටදෝ කොහෙද දේදුනු,අමා,යොහාන් සහ අකිල එකම කණ්ඩායමට හසු වූහ.ඒ නිසා පන්තිය අවසන් වී ඔවුන් පැමිණියේ කතා බහ කරමිනි..
එක්වරම ගැහැණු ළමයෙක් යොහාන්ගේ ඇගේ වැදුණි.
"සොරි අයියා වැරදීමක් උණේ"ඈ ආකර්ෂණීය සිනා රැල්ලක් ඔහු වෙත මුදා හැරියාය.
"බිනූ"දේදුනු කොදුරන හඩත් සෙමින් යොහාන් අසලින් අයිවන බවත් යොහාන්ට පෙනුනි.
"අනිත් දවසට බලාගෙන පාරේ යන්න"යොහාන් කීවේ කිසිම විදිහකින් ඇය ගණන් නොගනිමිනි.
"එක එක කොල්ලන්ගේ ඇගේ හැප්පෙන්නේ බලාගෙනයි."අකිලද යොහාන්ගේ සහයට කතා කළේය.
මුහුණ නරක් කරගත් බිනූ පන්තිය වෙත දිව ගියේ හඩමිනි.
"මොනාද අයියේ ඔයාලා කරේ"බිනූගේ යහළුවෙකු ඇසුවාය.
"ඇයි නංගි අපි කියපුවා වැරදි ඇයි?"අකිල විමසුවේය.
"එයාගේ හිත රිදෙන්න ඇති"ඇය නැවතත් කීවාය.
"ඒ මොකද ?"යොහාන් ඇසුවේ කාරණය වටහාගෙන තරහිනි.අනෙත් අයටද කාරණය වැටහෙමින් තිබුණි.ඉන් වැඩියෙන් බියට පත් වූයේ දේදුනුය.තමා යොහාන් සමග කතා කරනවා දුටුවහොත් ගෙදරින් විසදුම් නැති බව ඇගේ සිහියට එන්න ගියේ තත්පර කිහිපයකි.අමාද තත්වය මැනවින් වටහාගෙන තිබුණි.
"ඇයි අයියේ එයා ඔයාට කැමතියිනේ"ඈ කියන්නට විය.
"මේ නංගී ඉගෙනගන්න කාලේ ඉගෙන ගන්න.අපි නම් විභාගේ ලියලා.ඔයාලා තාම පොඩියි නේද?"යොහාන් කීවේය.
"නංගී වැරදියට හිතන්න එපා ඒ උණාට ඔයාලා ඉස්සර වෙලා ඉගෙනගන්න" අකිල කීවේය.
"අපෝ හරි කට්ටිය"ඈ කෝපයෙන් ගස්සා ගියාය.
"දේදුනු මොකද බයවෙලා"යොහාන් බියට පත්ව සිටි දේදුනුගෙන් ඇසුවේය.
"එයා මෙයාගේ නංගී"අමා කීවාය.
සියලු දෙනා අතර ඇති වූයේ නිහැඩියාවකි.
"අපි ඕක අමතක කරමු"අකිල අවසානයේ කීවේය.මෙය කරදර ගොඩක ආරම්භය බව නම් දේදුනු දනී..

1 comments:

තක්ෂිල said...

ලස්සනයි! තවත් ලියමු කෝ..

Post a Comment

 

Usage Rights

DesignBlog BloggerTheme comes under a Creative Commons License.This template is free of charge to create a personal blog.You can make changes to the templates to suit your needs.But You must keep the footer links Intact.