ජීවිතය කියන්නේ එක විදිහක දුකක්..මම හරි නේද?
මේ කතාව ගොඩාක් කාලෙකට ඉස්සර වෙලා වෙච්ච දෙයක්.මම හිතන විදිහට අවුරුදු තුනකට ඉස්සර වෙලා.ගොඩාක් දුක හිතෙනවා...මොකද කෙනෙක් තමන්ගේ ජීවිතේ නිස්කාරණේ නාස්ති තරගත්ත නිසා.
කතාව පටන් ගන්නේ මෙහෙමයි.
එක කොල්ලෙක් හිටියා.එයා හරි දක්ෂ කෙනෙක්.සාමාන්‍ය පෙළ හොදට සමත් වෙලා උසස් පෙළ හදාරන්න ලෑස්ති වුණා.එයාගේ යාළුවෝ හැමෝටම කෙල්ලෙක් හිටිය නිසා එයත් යාළුවෙන් කෙල්ලෙක් හෙව්වා.එක ලස්සන කෙල්ලෙක් එයා දැක්කා.එයා දක්ෂයි වගේ මොකද පන්තියේ පළවෙනියා වෙලා රැස්වීමේ ඉස්සරහටත් ආවා.ඉතින් මෙයා එයාට තමන්ගේ හැගීම කිව්වා.එ් කෙල්ල එයාට කැමති වෙලා යාළු වුණා.කොල්ලත් ලස්සනයි.ඒ වගේම පෝසත්.කියන්න අඩුපාඩුවක් තිබ්බේ නෑ.ඒත් ටික දවසක් යනකොට කෙල්ල වෙන කොල්ලෙකුට කැමති වෙලා මෙයාව අතහරින්න හිතාගෙන ලියුමක් ලිව්වා.ඔයා මට වැඩිය වයසින් වැඩියි ඒ නිසා අපි මේක අතහරිමු කියලා.මේක දැක්ක ගමන් කොල්ලා රත් වුණා.මොකද තමන් ඇත්තටම ආදරේ කරපු කෙනා මෙහෙම කරනකොට මොන දෙයියන්ට කියන්නද?එයා හොදටම ඇඩුවා.පුළුවන් තරම් හයියෙන්.ඊට පස්සේ කෙල්ලගෙන් ඒ ගැන ඇහුවා.එතකොට කිව්වෙත් ඒක.එයාට හුගක් දුක නිසා විභාගේ නොකර රට යනවා කියලා කෙල්ලට කීවා.කෙල්ල නෙවේ ගණන් ගත්තේ.එහු විභාගය නොලියා හිටියා.රට ගියෙත් නෑ.අනතිමට රස්සාවත් නෑ.මේක කොයිතරම් අපරාදයක්ද නේද?
තථ්‍යතාව
-
කඳු පිට කඳු නගිමි....
රළ පිට රළ බිඳිමි....
හීන වල තනිවෙමින්....
සුරාන්තවල දිග මනිමි....
මොහාන්ධකාරයට...
අඳුරෙ හිඳ ගල් ගසමි.....
හිස මුඩු ශ්‍රමණයින්ට......
2 months ago
4 comments:
අනේ!පව්.කොල්ලා නම් මහ ගොනෙක්.
කොල්ල මහ ගොනෙක් බං.. අපි වගේ ආතල් ගන්න දන්නැද්ද?
බොක්කෙන් ලවු නොකරනු කොල්ලනේ..........
ඡිවිතය සීරියස් ගන්න හැමදේම ඉටුකරගන්න වෙන්න ඉතිං අපිට මොනවා හරි බලයක් තියෙන්න ඕනි.සමහර විට එත් බෑ. ඊට වඩා හොදයි දෙනදෙයක් කාලා.වෙන දේයක් බලාගෙන ඉන්න එක.( කොල්ලනන් පව් ඇ.)
@Kreet
ඒ උනාට දුක කියන්නේ ඒක තමා.මොනා වුණත් මෝඩ වැඩක් තමා කළේ
@Anonymous
කෙල්ලෝ එක්ක ආතල් එකට යාළු වුණාම හරිද???වෙලාවකට ඔයා හරි වගේ...
@තක්ෂිල
ඕක ඉතින් එයාට තේරුණේ නෑ කියලා මොනා කරන්නද?
Post a Comment