මිය ගිය සොයුරන්ට

ලොවක් එළිය කරනට ගියා ඔබ යුධ පිටියට
දහසක් කදුළු නෙතට ගියා ඔබ ඈතට
සැමදා දිරිය වුණු අනුන් වෙනුවෙන් කැප වුණු
මරණය උරුම වුණු මතකයි ඒ කදුළු

සොහොන උරුම කරගෙන
රට රකින්නට ගිය සොයුරන්ට
නෙතග කදුළු පුරවාගෙන
ලියමි හද සෙනෙහෙන්
මතු උපදින දිනක නොවේවා මෙවැනි
දුකක් ඔබ හට කිසිදා....
මේ ඔබ ආදර සෙයුරිය.....

2 comments:

Shadow/හේමලයා said...

ලෝකයක් නසන්නට...
රුදුරු අවි අත දරා...
ඇයි අපේ ….
සොහොයුරෝ....
යුධ බිමේ තනිවෙලා....

ගත ඇඳුනු වණ කැළල්
නැත තවම සුව වෙලා....
අවිය දැරු අතට නැහැ...
මල් කැකුළු හුරු වෙලා....

නිදන මුත් මුළු ලොවම...
සාමයෙන් සැතපිලා....
සිහිනෙනුදු නුඹ තවම...
යුධ බිමක සිරවෙලා.....

Dil said...

@Shadow/හේමලයා
ගොඩක් දේ කවියෙන් කිව්වම රස‍ය වැඩියි.

Post a Comment

 

Usage Rights

DesignBlog BloggerTheme comes under a Creative Commons License.This template is free of charge to create a personal blog.You can make changes to the templates to suit your needs.But You must keep the footer links Intact.